gossiplanka alexa ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉහළට - නාවික හමුදා භට කණ්ඩායම් ගංවතුර තත්වයට මුහුණ දීමට පෙර සුදානම් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉහළට - නාවික හමුදා භට කණ්ඩායම් ගංවතුර තත්වයට මුහුණ දීමට පෙර සුදානම් වෙයි

ත්නපුර දිස්ත්‍රික්කයේ කලුගඟ, වේ ගඟ, කුරු ගඟ , හංගමු ගඟ ඇතුළු ප්‍රධාන ගංගා වල ජල මට්ටම් මේ වන විට සිඝ්‍රලෙස ඉහළ යාමේ හේතුවෙන් පහත් බිම් රැසක් අද 916) උදෑසන වන විට ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව කළු ගඟේ ජල මට්ටම අද අළුයම වන විට අඩි 17කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම මධ්‍යස්ථානය පවසන්නේ කළු ගඟේ ජාල මට්ටම මේ වන විට අවධානම් මට්ටම වූ මීටර් 05 ඉක්මවා ගොස් ඇති හේතුවෙන් ඒ අවට ජනතාවට ගංවතුර තත්වයක් බලාපොරොත්තු වන ලෙසයි.

රත්නපුර කුරු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කුරුවිට පාතගම, කුරුවිට කදන්ගොඩ හරහා තෙප්පනාව පාර ස්ථාන රැසකින් ජලයෙන් යටවීම හේතුවෙන් මාර්ගවල ගමනාගමනය ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ගොඩනැගිලි පර්යේෂණායතනය නිකුත් කළ නිවේදනයකින් දැක්වෙන්නේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ කොලොන්න, ගොඩකවෙල සහ වැලිගෙපොල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස නාය යෑමේ අවධානමක් මතුව ඇති බවයි.

ඒ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවට පොලොවේ ඉරි තැලීම්, ගිලා බැසීම්, ගස්, විදුලිකණු, දුරකතන කණු ආදිය ඇලවේනම්, ගොඩනැගිලි බිත්ති වල සහ ගෙබිම්වල පුපුරායාම්, එකවර ජල උල්පත් ඇතිවේනම්, පවතින ජල උල්පත් වලින් බොර වතුර මතුවේනම් අවධානයෙන් සිටින ලෙසයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර ගිංග තවලම ජලමාපකයේ ජල මට්ටම අද (16) උදෑසන වන විට මීටර් 4.32ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගිංගග වාරිමාර්ග ඉංජිනේරු චාමර යාපාආරච්චි කියා සිටියේ ජල මට්ටම වැඩිවීම හේතුවෙන් නෙළුව තවලම යන ප්‍රදේශ ගංවතුර අවධානම් මට්ටමේ පවතින බවයි.

එවැනි අවධානමක් මතුවුවහොත් පෙර සුදානමක් ලෙස නාවික හමුදා කණ්ඩායමක් ද එම ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවද ඔහු කියා සිටියා.

ගිංගග වාරිමාර්ග ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේ ගිංග බද්දේගම ජලමාපකයේ ජල මට්ටම ද ඊයේ (15) රාත්‍රී වන විට 2.52ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.

ගිංගේ ජල පෝෂිත ප්‍රදේශය වන ලංකාගම ප්‍රදේශයට ඊයේ රාත්‍රී වන ඉවට මිලිමීටර් 108ක වර්ෂාපතනයක් ලැබී තිබීම හේතුවෙන් අද (16) උදෑසන වන විට ගිංගේ ජල මට්ටම වැඩිවිය හැකි බවයි ගිංගග වාරිමාර්ග ඉංජිනේරුවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර දිවයින පුරා ඇතිව තිබෙන වැසි තත්ත්වය සමඟ පෙර සුදානමක් ලෙස රාජකාරි රැසක් නාවික හමුදාව මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ජලය ගලා නොහැකි පරිදි ගංගාවල අවහිර වී ඇති ස්ථාන පිරිසිදු කිරීම, දැනට හඳුනාගෙන ඇති අවධානම් ප්‍රදේශවලලට අමතර භට පිරිස් යෙදවීම දැනටමත් සිදු කර ඇති බව නාවික හමුදාව පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu