gossiplanka alexa සීමාවන් ඉවත් කළ රටවල මේ සති අන්තයේදී ආසාධිත රෝගීන් වැඩිවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සීමාවන් ඉවත් කළ රටවල මේ සති අන්තයේදී ආසාධිත රෝගීන් වැඩිවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

කොරෝනා වෛරසය පාලනය සඳහා නිවසේ රැඳී සිටීමේ සිමාවන් සහ වෙනත් සිමාවන් ඉවත් කර ඇති ඇතැම් රටවලට මේ සති අන්තයේ කොරෝනා ආසාධිතයන් ගණන වැඩි විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසනවා.

ඊයේ (11) ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පෙන්වා දී ඇත්තේ.

එහිදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ " ගෙවී ගිය සති අන්තයේ දී සිදුවූ සිද්ධීන් සමඟ බලනකොට විශාල අභියෝගවල සලකුණු අපි දැක්කා. ඊට ආසන්නම සිද්ධිය ලෙස කොරියානු රජයේ තැබෑරුම් සහ සමාජ ශාලා ආශ්‍රිතව නව පොකුරු සොයාගන්න පුළුවන් වුනා. චීනය ද සිමාවන් ඉවත් කිරීමෙන් පසු නැවතත් ඊයේ වන දිනයේ දී අලුත් වෛරස පොකුරුක් වාර්තා වුනා. ජර්මනියේ තත්වය ද එසේමයි. ඔවුන්ගේත් ආසාධිතයන් වැඩිවීමක් වාර්තා වනවා. වාසනාවකට වගේ මේ රටවල් තුනම ඒ සිදුවීම් හඳුනාගෙන නැවත හිස එසවූ වෛරසයට ප්‍රතිචාර දක්වා තියෙනවා."

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අගුලු දැමීමේ පියවර ඉවත් කිරීමට පෙර සලකා බැලිය යුතු මාර්ගෝපදේශ සහ නිර්ණායක ඇති බවයි.

"ලොක් ඩවුන් ඉවත් කිරීමේ අභියෝගයට මුහුණ දීම සඳහා ප්‍රධාන මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග පවතින බව සහතික කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය රජයන් සමඟ සමීපව කටයුතු කරනවා."
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu