Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ති තුනක කාලයක් තුළ බාහිර සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා වූ නොවූ බැවින් ඉදිරි දින කිහිපය තුළ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ද බාහිර සමාජයට විවෘත කිරීමට හැකි වනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ සමාජයෙන් රෝගීන් වාර්තා නොවුණත් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය ආරක්‍ෂිත උපදෙස් පිළි පැදීමට සමාජය වග බලා ගත යුතු බවයි.

නාවික හමුදා සාමාජිකයින් සහ පිටරට සිට පැමිණි නිරෝධායනය මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින්ගෙන් හැරුණු විට වෙනත් ස්ථානයකින් රෝගීන් වාර්තා නොවූ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයන් අතරද මේ වන විට රෝගය ව්‍යාප්ත වීම ඉතා සාර්ථකව පාලනය වී ඇති බවත් ඔහු වෛරසය ආසාධිත පුද්ගලයින්ගෙන් 50% අධික සංඛ්‍යාවක් පුර්ණ සුවය මේ වන විට රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page