gossiplanka alexa විදේශ ගතව සිට පැමිණ නිරෝධායන වන අයගෙන් තවත් රෝගයක් පැතිරීමේ අවධානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදේශ ගතව සිට පැමිණ නිරෝධායන වන අයගෙන් තවත් රෝගයක් පැතිරීමේ අවධානමක්

විදෙස් රටවල සිට මෙරටට පැමිණි නිරෝධායනය මධ්‍යස්ථානය තුළ රැඳී සිටින ඇතැම් පුද්ගලයින්ගෙන් මැලේරියාව බෝවීමේ අවධානමක් මතුව තිබෙනවා.

කීට විද්‍යා විදුහලේ විදුහල්පති නජිත් සුමනසේන කියා සිටියේ කන්දකාඩුව, කටකැලියාව හා මින්නේරිය ප්‍රදේශවල ඇති නිරෝධායන මධ්‍යස්ථානවල මැලේරියාව පැතිරී තිබු රටවල සිට පැමිණ ඇති පුද්ගලයින් රුධිර සාම්පල ලබා ගැනීම ආරම්භ කර ඇති බවයි.

මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානය අවට ප්‍රදේශවල මදුරු මර්ධනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි ඔහු කියා සිටියේ.

කීට විද්‍යා විදුහලේ විදුහල්පති වැඩිදුරටත් පෙන්වා දුන්නේ මැලේරියා බෝ කරන පරපෝෂිතයා ලංකාවේ නොසිටියත් විදේශ රටවල සිට පැමිණි පුද්ගලයන්ගේ ශරීරයේ පරපෝෂිත සිටියහොත් එම පරපෝෂිතයා නිරෝගී පුද්ගලයකු වෙත ගෙනයාමේ හැකියාව පවතින මදුරු විශේෂ ලංකාවේ සිටින බැවින් රටේ යළි මැලේරියා රෝගය ව්‍යාප්ත විය හැකිවීම හේතුවෙන් එය මර්ධනයට කටයුතු කළ යුතු බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu