gossiplanka alexa කොරෝනාට පිංසිදුවන්න ලොව පුරා මිනිසුන් අත්හැරපු දේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනාට පිංසිදුවන්න ලොව පුරා මිනිසුන් අත්හැරපු දේ

ලොව පුරා කොරෝනා ව්‍යාප්තිය හමුවේ මිලියන ගණනක පිරිසක් දුම්පානය අතහැර ඇති බව වාර්තා වනවා.

තවත් බොහෝ දෙනෙක් දුම්වැටි භාවිතය සැලකිය යුතු මට්ටමකින් අඩු කර ඇති බවයි නව අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ.

කොරෝනා වෛරසයට පහසුවෙන් දුම්වැටි භාවිතා කරන පුද්ගලයින් ගොදුරුවන බවත් වෛරසය ආසාධනය වීමෙන් පසු ඔවුන්ගේ තත්ත්වය බරපතළ වීමේ හැකියාවක් පවතින බව වෛද්‍යවරුන් මිට පෙර කියා සිටියා.

ඒ අනුව ලක්ෂ 30කට ආසන්න පිරිසක් දුම්පානය අතහැර ඇති බවයි බ්‍රිතාන්‍ය අධ්‍යනයකින් පෙන්වා දී ඇත්තේ.

එම අධ්‍යනයෙන් ඔවුන් සඳහන් කරන්නේ බහුතරයක් දෙනා යළි කිසිදිනෙක දුම්පානය නොකරන බවයි.

දුම්පානය කිරීම හේතුවෙන් ශරීරයේ ප්‍රතිශක්තිය බිඳ වැටී ආසාධනයවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව විනාශ වන බවයි ලන්ඩනයේ ඉමපීරියල් විද්‍යාලයේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නික් හොප්කින්සන් පවසන්නේ.

එය කොරෝනා වෛරසය වැළඳී රෝහල්ගතව කළ පුද්ගලයින් අධ්‍යයනය කිරීමේදී තහවුරු වී තිබෙනවා.

දුම්පානය හදවත් රෝග සහ තවත් රෝග ගණනාවකට සෘජුව බලපාන බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

ලොව පුරා කොරෝනා ව්‍යාප්තිය සමඟ දුම්පානයේ අයහපත් ප්‍රතිපල සම්බන්ධයෙන් සෑම රටකම පාහේ දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූ අතර ශ්‍රී ලංකාවේද බොහෝ පිරිසක් පසුගිය කාල සිමාවේ දුම්පානය අතහැර දමා තිබුණා.

කෙසේ වෙතත් දුම්පානය හේතුවෙන් ලොව පුරා ලක්ෂ 80ක් පමණ මියගිය යන බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu