gossiplanka alexa පාර්ලිමේන්තුව කැඳවන්නේ නැති හේතුව හිටපු මන්ත්‍රිනී ගීතා විද්‍යානුකූලව පැහැදිලි කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තුව කැඳවන්නේ නැති හේතුව හිටපු මන්ත්‍රිනී ගීතා විද්‍යානුකූලව පැහැදිලි කරයි


කොරෝනා වසංගතය හමුවේ ඇණහිට තිබූ ජන ජීවිතය යථා තත්වයට පත්කිරීමේ වැඩපිළිවෙල රජය ක්‍රියාත්මක කර ඇත්තේ නිසි ක්‍රමවේදයකට අනුව බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරිසිංහ පවසනවා.

කොරෝනා වසංගත තත්වය සාර්ථකව පාලනය කිරීමට වත්මන් රජයට හැකිවූ බවයි ඇල්පිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක දී ඇය මේ බව කියා සිටියේ.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුව යළි රැස් නොකිරීම පිළිබඳව මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ ආසන ඉතා සමීපව පවතින බැවින් යම් හෙයකින් පාර්ලිමේන්තුව රැස්වුවහොත් මැති ඇමතිවරුන්ට කොරෝනා වෛරසය වැළඳීමේ අවදානමක් ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය, "රට විවෘත කිරීම ක්‍රමයකට අනුව සිදු වෙලා තියෙනවා. තවමත් කොළඹ ගම්පහ ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා තිබෙනවා. අපි අනෙක් රටවල එක්ක බලනකොට වෛරසය මැඩ පවත්වලා තියෙන්නේ. දැන් මේ බොහෝ දෙනා කියනවා පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. දැන් කොහොමද 225 ඇවිත් ඉන්නේ. ආසන තියෙන්නේ ළඟින්. කොරෝනා වෛරසයේ භයංකාරකමට කොහොමද දැන් අපි කට්ටිය වාඩි කරවන්නේ. එහෙම කැඳවනවා නම් මීටරේ දුරට සිට් තියන්න වෙන්නේ. පාර්ලිමේන්තුව සම්පුර්ණයෙන් වෙනස් කරන්න වෙනවා. එහෙම වෙන්න ඕන නෑනේ. අගමැති තුමා කතා කරපු රැස්වීමට ගියා නම් හරි නේ. මේක දේශපාලන ප්‍රශ්ණයක් නෙවේ නේ. පාර්ලිමේන්තුව කැඳවලා කියන්නේ කොයි වෙලාවෙත්. පාර්ලිමේන්තුවේ හුස්ම ගන්න දුරින් කට්ටිය ඉන්නේ. ඒක නිසා කට්ටියටම කොරෝනා වැළඳීමට ඉඩ තියෙන්න පුළුවන්."
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu