gossiplanka alexa නිසි ක්‍රියාමාර්ග නොගෙන කිසිදු රටක් නීති ලිහිල් නොකළ යුතුයි, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිසි ක්‍රියාමාර්ග නොගෙන කිසිදු රටක් නීති ලිහිල් නොකළ යුතුයි, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

gossip lanka about who advice
ලොව පුරා සිඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් යන නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා බොහෝ රටවල් මේ වන විට වසා දමා ජනතාව නිවෙස්වලට සීමා කිරීමට පෙළඹී සිටිනවා. මෙම පනවා ඇති නියෝග ඉවත් කරමින් යම් හෙයකින් මොනයම් හෝ රටක් ක්‍රියා කලහොත් එය නුවණට හුරු ක්‍රියාවක් නොවන බවයි ජිනීවා හි පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලස්ථානයේදී ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි Tedros Adhanom ප්‍රකාශ කර සිටින්නේ. 

මෙම වසංගතය පුද්ගලයින් බොහෝ පිරිසකට මරු කැඳවමින් ලොව පුරා ව්‍යාප්ත වූ සුකර උණටත් වඩා මාරාන්තික බවයි ඔහු පවසන්නේ. සූකර උණ නිසා පුද්ගලයින් ජීවිතක්ෂයට පත් වීමේ අවදානම 1.1%ක් වූ බවත් නමුත් නව කොරෝනා වෛරසය නිසා මිනිසුන් ජීවිතක්ෂයට පත් වීමේ අවදානවම 6.4%ක් බවත් එම සංගමය පවසනවා. මෙම වසංගතය සඳහා අනිවාර්යයෙන් එන්නතක් සොයා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටින්නේ. 

බොහෝ රටවල  වෛරසයට නිරාවරණය වූ පුද්ගලයින් සොයා ගැනීම, ඔවුන් හා සම්බන්ධ වූ පුද්ගලය්න් සොයා ගැනීම, ඔවුන්ව හුදකලා කිරීම වැනි ක්‍රියාමාර්ග ඉතාමත් මන්දගාමීව සිදුවන බවත්දින කිහිපයක ඇතුළත කොරෝනා රෝගයේ ව්‍යාප්තිය විශාල වශයෙන් සිදුව ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසනවා. එසේම වෛරසයේ ව්‍යාප්තිය වේගවත් වුවත් එය අවම වීම ඉතාමත් සෙමින් සිදුවන බවයි ඔහු කියා සිටියේ.

මෙවන් තත්ත්වයක් හමුවේ නව කොරෝනා වෛරසය පාලනයට සියළුම පියවර සහ නිවැරදි මහජන සෛඛ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොගෙන මොනම රටක් හෝ දැනට පනවා ඇති නීති සහ ජනතාවට නිවෙස් තුළට සීමා කිරීම් ලිහිල් නොකළ යුතු බවයි ජනරාල්වරයා කියා සිටින්නේ. 
.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu