gossiplanka alexa රවි කරුණානායක ඇතුළු පිරිස අත් අඩංගුවට ගැනීමට පොලීසිය සූදානම් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රවි කරුණානායක ඇතුළු පිරිස අත් අඩංගුවට ගැනීමට පොලීසිය සූදානම් ?

පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු වහාම අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වරෙන්තු න්කුත් කර තිබෙනවා. ඒ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන්  වන චෝදනාවට. 

නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ චෝදනා වලට ලක්ව සිටි 10 වන සැකකරු වන ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරි  බුද්ධික සරච්චන්ද්‍රට එරෙහිව නඩුව පවත්වාගෙන යාමට තරම් අවශ්‍ය සාක්ෂි නොමැතිවීම හේතුවෙන් මෙහිදී අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබුවේ නැහැ.  

මෙම නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර තිබු  පර්පෙචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමට සිතාසි නිකුත් කිරීමට අධිකරණය නියෝග කරනු ලැබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක, අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන, ජෙෆ්රි ජෝශප් ඇලෝසියස් ,රංජන් හුලුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන්, ගාර්දියේ පුංචිහේවා, එස්. පදුමනාපන් සහ ඉංදික සමන් කුමාර යන අයට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව හිටපු මුදල් ඇමැති රවී කරුණානායක ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් පොලිසිය කණ්ඩායමක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu