gossiplanka alexa ලංකාවෙන් පළමු කොරෝනා ආසාදිතයා හමුවේ, නිරෝධායනයට විරුද්ධව ගුවන් තො‍ටුපළේ කලහකාරී හැසිරීම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාවෙන් පළමු කොරෝනා ආසාදිතයා හමුවේ, නිරෝධායනයට විරුද්ධව ගුවන් තො‍ටුපළේ කලහකාරී හැසිරීම්

gossip lanka latest
කොරෝනා වෛරස් රෝගය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයකු පලමු වතාවට මෙරටින් හමු වී තිබෙනවා. 

දැනට දින 2කට පෙර රෝගී තත්ත්වයක් නිසා IDH උණ රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයෙකුට කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. සංචාරක මග පෙන්වන්නෙක් වන මෙම පුද්ගලයා ඉතාලි ජාතිකයන් පිරිසක් සමඟ සිට ඇති බවටද තොරතුරු හෙළිව තිබෙනවා. 

50 හැවිරිදි  මෙම පුද්ගලයා ඉතාලියෙන් පැමිණි සංචාරකයින් පිරිසකට මගපෙන්වා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ. 

මේ අතර  කටුනායක ගුවන් තොටුපලේදී මේ වන විටත් දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිටි පැමිණි තවත් 300කට වැඩි පිරිසක් නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරෙමින් පවතිනවා. මූලික පරීක්ෂණවලින් පසු ඔවුන් සියලූ දෙනා දින 14ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තැබීමට සැලසුම් කර තිබෙනවා. 

කෙසේ වෙතත් ඇතැම් පිරිස් නිරෝධායන මධ්‍යස්ථානවල නොව දින 14ක කාලයක් තමන්ගේ නිවෙස්වලම රැදි සිටිය හැකි බව පවසා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යාම ප‍්‍රතික්ෂේප කරමින් ගුවන් තොටුපල පරිශ‍්‍රයේ කලහකාරීව හැසිරෙමින් සිටින බවයි වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu