gossiplanka alexa දිවයින පුරා සියළුම නිදහස් වෙළඳ කලාප වසා දැමේ, ප්‍රවාහන පහසුකම් ගැන තොරතුරු සඳහා අමතන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිවයින පුරා සියළුම නිදහස් වෙළඳ කලාප වසා දැමේ, ප්‍රවාහන පහසුකම් ගැන තොරතුරු සඳහා අමතන්න

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි දිවයින පුරා පිහිටි සියළුම නිදහස් වෙළඳ කලාප නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට  කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාඅද උපදෙස් ලබා දී තිබෙනවා.

අමාත්‍යවරයා ආයෝජන මණ්ඩල නිලධාරීන් සමඟ කළ සාකාච්ඡාවේ දීයි මෙසේ උපදෙස් ලබා දී ඇත්තේ. ඒ අනුව දැනට බෝඩිංවල ‍රැඳී සිටින සියළුම සේවක සේවිකාවන්ට තමන්ගේ ගම්බිම් වෙත යාමට පොලීසිය සහ හමුදාවේ මැදිහත් වීමෙන් ප්‍රවාහන පහසුකම් සපයා දෙන ලෙස උපදෙස් ලබා දුන්නා.

ඒ අනුව හෙට පෙරවරුවේ සිට හමුදාවේ සහ පොලිසියේ අධික්ෂණය යටතේ ඔවුන්ව ඒ ඒ ප්‍රදේශ කරා පිටත්කර හරිනු ඇති.

එසේම දැනට එසේ නවාතැන්ගෙන ඇති සියළුම සේවක සේවිකාවන්ට අද රාත්‍රී ආහාරයද, හෙට ගම් බිම් බලා පිටත්ව යන විට උදෑසන සහ දිවා ආහාරය ද ලබා දෙන ලෙස මෙහි දී තීරණය කෙරුණා. 

අවශ්‍ය පහසුකම් සපයා ගැනීමට එම අවස්ථාවේ දී එම වෙළද කළාපයේ කර්මාන්ත හිමියන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ද පරිත්‍යාග කර තිබෙනවා. ප්‍රදේශයේ පොලීසිය මඟින් සියළුම සේවක සේවිකාවන්ට ගම්බිම් බලා පිටත්වන බස් රථවල තොරතුරු සහ පිටත්වන වේලාවන් නිවේදනය කරනු ඇති. 

සේවක සේවිකාවන් ගම්බිම් බලා පිටත් කර යැවීමට පෙර ඔවුන් විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට ද මෙහි දී තීරණය වුණා. 

අදාළ ප්‍රවාහන පහසුකම් ලබාගත හැකි වේලාවන් පිළිබඳව පහත දුරකතන ඔස්සේ තොරතුරු ලබා ගත හැකි බවයි ආයෝජන මණ්ඩලය පවසන්නේ. 

කටුනායක       - 0777-986474  -    අධ්‍යක්ෂක, සිසිල් ප්‍රනාන්දු මහතා       

වතුපිටිවල / මීරිගම / මල්වත්ත නිදහස් වෙළද කළාප - 0777-808637 -  අධ්‍යක්ෂක, ඩී.එම් තිලකරත්න මහතා        
    
බියගම      - 0777-807662  -  අධ්‍යක්ෂිකා, කල්‍යානි බොතේජු මහත්මිය

කොග්ගල    - 077-3140200 - අධ්‍යක්ෂක, ගාමිනි දහනායක මහතා      

හොරණ  - 076-0387820   - අධ්‍යක්ෂක, දර්ෂන වල්පිට මහතා     

සීතාවක  - 0777-808756 -  අධ්‍යක්ෂක, නිහාල් කුමාර පීරි මහතා  

මාවතගම /  පොල්ගහවෙල    - 0777-809102  -  අධ්‍යක්ෂක, නොයෙල් දාබරේ මහතා       

නුවර  -0777-808291 - අධ්‍යක්ෂක, ජයලත් මොහොට්ටාල මහතා    
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu