gossiplanka alexa චීනයේ වුහාන් හි කො‍ටු වී සිටි සිසුන් ‍රැගත් ගුවන් යානය ලංකාවට,සිසුන් ප්‍රවාහනයට විශේෂ සැලැස්මක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීනයේ වුහාන් හි කො‍ටු වී සිටි සිසුන් ‍රැගත් ගුවන් යානය ලංකාවට,සිසුන් ප්‍රවාහනයට විශේෂ සැලැස්මක්

කොරෝනා වෛරසය හේතුවෙන් චිනයේ වුහාන් ප්‍රාන්තයේ කො‍ටු වී සිටි සිසුන් ‍රැගෙන ඒමට ලංකාවෙන් පිටත්ව ගිය UL-1423 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය  එම සිසුන් ‍රැගෙන අද අළුයම මත්තල පිහිටි මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට අද (01) අලුයම ගොඩ බස්වනු ලැබුවා.

එම සිසුන් පිරිස විශේෂ බස් රථයකින් ආරක්ෂා සහිතව දියතලාව හමුදා කඳවුරේ පිහිටි නිරෝධාන මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබූ අතර එය කිලෝමිටර 100ත පමණ සාමාන්‍ය දුරකි. එහි ගමන් මාර්ගයර එතරම් ජනාකීර්ණ නොවන මාර්ග ඔස්සේ යෙදී තිබුණා. ඔවුන් දෙසතියක කාලයක් එහි විශේෂ ගොඩනැගිල්ලක රදවා පරීක්ෂා කරනු ලබනවා. 

මේ අතර  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සුව කිරීමට සමත් බටහිර හා දේශිය වෛද්‍ය ක්‍රම පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කැඳවා තොරතුරු ලබා ගන්නා ලෙසයි.  ඒ සෞඛ්‍ය, විදේශ සබඳතා, සංචාරක සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් මෙන්ම නිලධාරින්ද කැඳවා සිදු කළ විශේෂ සාකච්ඡාවක දීයි. 

මෙම සාකච්ඡාවෙ දී ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ වූහාන් සිට පැමිණෙන සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් උපරිමයෙන් ලබා දී ඔවුන් රැක බලා ගන්නා ලෙසයි. චීනයේ සිටි සිසුන් මෙරටට රැගෙන ඒමට විශේෂඥ කමිටුව ගත් ක්‍රියාමාර්ගද මෙහිදී ජනාධිපතිවරයාගේ පැසසුමට ලක් වුණා. 

වෛරසය පැතිරයාම වළක්වා ගැනීමට පූර්ණ කැපවීමෙන් සහය දැක් වූ සියළු ක්ෂේත්‍රවල පිරිස් වෙත ජනාධිපතිවරයාගේ ප්‍රසාදය හිමි වූ අතර ජනතාව ආරක්ෂා කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලෙසට මෙහි දී උපදෙස් ලබා දෙනු ලැබුවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu