gossiplanka alexa ඕස්ට්‍රේලියා රජයේ අනුග්‍රහය ඇතුව 'වොල්බැකියා'' බැක්ටීරියාව පරිසරයට මුදා හැරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඕස්ට්‍රේලියා රජයේ අනුග්‍රහය ඇතුව 'වොල්බැකියා'' බැක්ටීරියාව පරිසරයට මුදා හැරේ

gossiplanka news
ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා ''වොල්බැකියා'' බැක්ටීරියාව පරිසරයට මුදා හැරීම එළඹෙන 02 වන දින සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ඕස්ට්‍රේලියා රජයේ සහයෝගය ඇතුවයි. 

මෙම බැක්ටීරියාව නිජබිම ඕස්ට්‍රේලියාව වන අතර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 12ක ඕස්ට්‍රේලියානු රජය විසින් නියමු ව්‍යාපෘති ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. 

වොල්බැකියා (Wolbachia) යනු එදිනෙදා පරිසරයේ දී අපට හමු වන කෘමි විශේෂයන් ගෙන් 60%ක්‌ පමණ ප්‍රතිශතයක්‌ තුළ වාසය කරන බැක්‌ටිරියා ගණයක්. මෙම බැක්ටීරියාව සමනළයන්, සලබයන්, බත්කූරන් වැනි කෘමීන් තුළ ස්‌වභාවයෙන් ම ජීවත් වනවා. එහෙත් එහෙත් ඩෙංගු සහ චිකුන්ගුන්යා වැනි රෝග පතුරුවන ඊඩිස්‌ ඊජිප්ටයි (Aedes aegypti) මදුරුවන්ගේ සිරුර තුළ මේ බැක්‌ටීරියාව ජීවත් වන්නේ නැහැ. පර්යේෂණවලින් සනාථ වන පරිදි මේ බැක්‌ටීරියාව ඩෙංගු වාහක මදුරුවන්ගේ ශරීරය තුළ ජීවත් වන විට ඩෙංගු වයිරසය එම මදුරුවන් තුළ වර්ධනය වීමක් සිදු නොවේ. එවිට මදුරු දෂ්ඨනය හරහා වයිරසය පැතිරීමක්‌ සිදු වීමට අවකාශයක්‌ නො ලැබේ. 

පරිසරයේ තිබෙන ස්‌වාභාවික මදුරු ගහනයක්‌ වෙත Wolbachia බැක්‌ටීරියාව සහිත මදුරුවන් පිරිසක්‌ මුදාහැරිය හොත් එම මදුරු කණ්‌ඩායම් දෙක එක්‌ වී අභිජනනය කිරීමෙන් කාලයත් සමඟ Wolbachia සහිත මදුරුවන් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වීමක් දක්නට ලැබෙනු ඇත. . එය ඩෙංගු රෝගය ඇතුළු Aedes aegypti මදුරුවන් ගෙන් බෝ වන රෝග බොහොමයක්‌ පාලනය කිරීමට ඉවහල් වනු ඇති බවයි පර්යේෂකයින් පවසන්නේ. 

මෙම වැඩපිළිවෙල දී ද සිදු කරනු ලබන්නේ වොල්බැකියා බැක්ටීරියාව ශරිරගත කර ඇති මදුරුවන් පරිසරයට මුදා හැරීමයි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu