gossiplanka alexa මන්ත්‍රීවරුන්ගේ අසනිප තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු ඉරාන පාර්ලිමේන්තුව වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මන්ත්‍රීවරුන්ගේ අසනිප තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු ඉරාන පාර්ලිමේන්තුව වසා දැමේ

lanka gossip corona
රාන මාධ්‍ය වාර්තා කරන්නේ නැවත දැනුම් දෙන තුරු ඉරාන පාර්ලිමේන්තුව වසා දැමීමට තීරණය කර ඇති බවයි. එයට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ ඉරානය තුල නව කොරෝනා වෛරසය සීඝ්‍ර ලෙස පැතිරි යාම යි. ඉරාන පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රිවරුන් සහ ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් රැසකට නව කොරෝනා වෛරසය වැලදී ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

මෙසේ පාර්ලිමේන්තුව වසා දැමීමට තිරණය කිරීම හේත්වුඑන් මාර්තු 20 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අයවැය ඉදිරිපත් නොකර ඒ වෙනුවෙන් රජයේ වියදම් සඳහා හදිසි අරමුදලක් පමණක් සම්මත කර ගැනීමට තීරණය කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර සිටියේ වෛරසය හේතුවෙන් එරට මියගොස් ඇත්තේ පුද්ගලයින් 34 දෙනෙක් පමණක් බව වුවත්  භ්භ්ඡ් පුවත් සේවය වාර්තා කර සිටියේ ඉරානය තුල කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 210 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මේවන විය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය හෙත්වුඑන් ලෝකයේ රටවල් 50කට වැඩි සංඛ්‍යාවකින් අසාදිතයින්  වාර්තා වී තිබෙනවා. එසේම 2923 දක්වා කොරෝනා මරණ සංඛ්‍යාව  ඉහළ ගොස් ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොරෝනා වෛරසය පැතිරීමේ ගෝලීය අවදානම උපරිම මට්ටම දක්වා ඉහළ නංවා තිබෙනවා. මේ හේතුවෙන් ලෝකයේ රටවල් දැඩි අවදානමක පවතින බවයි එම සංවිධානය පවසන්නේ. නිශ්චිත තොරතුරු අනාවරණය නොකිරිම ද කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමට බාධාවක් වී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. 

මේ වන විට ලොවපුරා නව කොරෝනා වෛරස ආසාදිතයින් 84,611 දෙනෙකු වාර්තා වී තිබෙනවා. චීනයට පසුව වැඩිම බලපෑමක් එල්ලවූ දකුණු කොරියාවෙන් අද වන විට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 2,300කට අධිකයි. එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 16ක්. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu