gossiplanka alexa ''මට වෙච්ච දේමයි අද ගෝඨාභය රාජපක්ෂ මහතාටත් වෙලා තියෙන්නේ'' - හිටපු ජනපති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''මට වෙච්ච දේමයි අද ගෝඨාභය රාජපක්ෂ මහතාටත් වෙලා තියෙන්නේ'' - හිටපු ජනපති

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුව හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පවසා සිටියේ  ශ්‍රී ලංකා නිදහස් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්කිරීමට ශක්තියක් වූ බවත් ජනාධිපතිධුරයේ සිටි තමන්ට වූ දේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුව ඇති බවත්  ය.

''අද ගෝඨාබය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බලයක් නෑ. මම ජනාධිපතිධුරයේ ඉදලා අවේ එතුමාටත් වෙලා තියෙන්නේ මට වෙච්ච දේ. මම ජනාධිපති වෙච්ච වෙලාවේ පාර්ලිමේන්තු බලය මට නෙමෙයි තිබුණේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට 142 ක් තිබුණා. පාර්ලිමේන්තුවේ මම රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කළා. එයාට 47 යි තිබුණේ. නමුත් ඒ පළවෙනි අවුරුද්දේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 අගෝස්තු මහා මැතිවරණය එනකම් මට සහයෝගය දුන්න.

ඒ නිසා අවශ්‍ය අනපනත් රාශියක් පාර්ලිමේතුවේ තුනෙන් දෙකේ බලයෙන් සම්මත කරන්න පුළුවන් වුණා. දැන් අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තුවේ බලයක් නෑ. ඒ නිසා එතුමාට වැඩ කරන්න අලුත් පාරිමේන්තු බලයක් දෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ එකට එකතු වෙලා වැඩ කරන්නේ'' යැයි හිටපු ජනපති එහි දී පවසා තිබෙනවා. 

මාර්තු මාසයේ තුන්වැනිදා පාර්ලිමේන්තුව විසිරුවන බවත් අප්‍රේල් මාසේ අන්තිමේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බවත් ඔහු එහි දී වැඩි දුරටත් කියා තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu