gossiplanka alexa චීනයේ වුහාන් හි සිටින ශ්‍රි ලාංකික සිසුවෙක් තැබූ සංවේදී සටහනක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීනයේ වුහාන් හි සිටින ශ්‍රි ලාංකික සිසුවෙක් තැබූ සංවේදී සටහනක්

චීනයේ වුහාන් ප්‍රාන්තයේ කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරී යාම හේතුවෙන් එහි වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් ඉතාමත් ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කරනවා. මේ අතර එම සිසුන් ලංකාව ගෙන්වා නොගන්නැයි ද අතැම් පිරිස් හඬ නඟනවා.

වුහාන් හි අධ්‍යාපනය ලබන සිසුවෙක් ඉතාමත් සංවේදී සටහනක් තබමිනොවුන්ගේ තත්ත්වය සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබෙනවා.

-වූහාන් වල සිට-

නම ඇහුවත් කොරෝනාද අහන නගරෙ ඉදන් මේක් ලියන්න ගත්තෙ,කෝල් එකක් දීල මැසේජ් එකක් දාල අපි ගැන වචනෙකින් හරි හොයල බලන ඔක්කොටම ගොඩක් පිං කියල කියන්න.❤️❤️ගෙවල් වලට කතා කරල ඒ මිනිස්සුන්ගෙ හිතුත් හදල.ලංකාවෙ ඉදගෙනත් ලංකාවෙන් පිට ඉදගෙනත්.ඒ වචනෙත් ඇති.හිතේ හයියෙන් ඉන්න.කෝල් එක ආන්සර් නොකරට රිප්ලයි එකක් නොදැම්මට උබල තරහ නෑ කියල අපි දන්නව.😊(පුලු පුලුවන් විදියට හැමෝටම කතා කරන්නම්) කෝල් නොකරත් මැසේජ් නොකරත් අපි ගැන හිතන ලොකු පිරිසක් ඉන්නව කියල දන්නව. හැමෝටම කියන්නෙ අපි හොදින් ඉන්නව මේ වෙද්දිත්.අපි කෑමත් මොනවහරි කනව.අපිට ඒක තාම ලොකු ප්‍රශ්නයක් නෙමේ (ඒත් පොඩි දින ගානකට).😷

එලියට යන එක ලොකු ප්‍රශ්නයක් ඒ නිසා හැමෝම ඉන්නෙ තමතමන්ගෙ කාමර වල.මෙහේ ඉන්නව ෆැමිලි එක්කම ඉන්න අය.පොඩි ලමයි එක්ක.ඒ අයට කොහොම පීඩයක් ඇතිද.අපිට තියන ප්‍රශ්නෙ මේක පැතිරෙන වේගෙත් එක්ක අපේ ලංකාවෙ අයටත් මේ වෛරසය ඇතුලු වෙයිද කියල(මේ වෙද්දි හැමෝම හොදින්).😶ඒක නිසා තමයි අපි කියන්නෙ හැමෝම ලංකාවට ගන්න.ලංකාවට යද්දි චීනෙදි ඔක්කොම චෙක් කරල තමයි නිදහස් කරන්නෙත්.ලංකාවට ආවට පස්සෙත් ඒ වෛරසය ඇතුලු වෙලාද කියල බලන්න ඕනෙ උපරිම කාල සීමාව තියාගෙන බලන්න.ඒක වෙන්න ඕනම දෙයක්.

මෙහේ ඉන්න කිසිම කෙනෙක් කැමති නෑ මේ වෛරසෙත් එක්ක ලංකාවට එන්නවත් තමන්ගෙ අම්ම,තාත්ත පව්ලෙ අය,යාලු හිතමිත්‍ර කිසිම කෙනෙක් ලගට යන්නවත්.එච්චර කුහක කමක්, මෝඩ කමක් ආත්මාර්ථකාමී කමක්, මේ කිසි කෙනෙකුට නෑ.හැමෝටම ඕනෙ මේකෙන් ගැලවෙන්න.ලෝකෙ හැමෝටම වගේ.ඒත් සමහර බුකි ඔස්තාර්ල රටට ලෝකෙට කෑගල කියන්නෙ මුන් ගන්නෙපා මුන් ලංකාවට එන්නෙ ලංකවට කොරෝනා බෝ කරන්න, ටිකට් එකට 50% discount එකක් දෙන නිසා,මුන් ආත්මාර්ථකාමී,කිසිම කෙනෙක් ගැන් හිතන්නෑ කියල,දාර්ශනික අදහස් දෙන්න කලින් හිතන්න හිරවෙලා ඉන්න අයගෙ මානසික මට්ටම,ඒ පවුල් වල මිනිස්සුන්ගෙ මානසික මට්ටම,උන්ව ගන්න දගලන යාලුවන්ගෙ මානසික මට්ටම.මේ කවුරුත් ආතල් ගන්න ආපු අය නෙමේ.ඉගෙනගන්න ආපු අය.මේක දාන්න හේතුව පේජ් ඇඩ්මින්ල ඇතුලු එකෙක් දෙන්නෙක් චීනෙ ඉන්නව වගේ ඔක්කොම දන්නව වගේ බුකියෙ දාන පෝස්ට් දැකල.හැබැයි ඒ හිරවෙලා ඉන්න මිනිස්සුන්ගෙ මානසික මට්ටම ගැන තේරෙන බුද්ධිමත්ව පේජ් වල පොස්ට් දාන ඇඩ්මින්ල වගේම ලාංකිකයො ඔක්කොටම හිස නමල ගරු කරනව.ඒ අපේම මිනිස්සු,අපිට ආදරේ මිනිස්සු,අපි ගැන හිතන කටපුරා ශ්‍රී ලාංකිකයො කියන්න පුලුවන් ආදරණීය හදවත් තියන මනුස්සකම දන්න මිනිස්සු❤️❤️.රට ගිහින් ෆොටෝ ගගහ දාල ලෙඩක් ආවම ලංකාව මතක් වෙනව වගේ ඒව දාන්න තරමට කුහක පිරිසකුත් ඉන්න එක ගැන සෑහෙන්න දුකයි😥.ඉතාම අතලොස්සයක්.සමාජයක් නැති සමාජයක් ගැන වෛරෙන් ඉන්න කුහක පිරිසක්.සමාවෙන්න සමහර වචන ගැන.ඇත්තටම දුකයි.කවදාවත් කතා නොකල දැකපු නැති මිනිස්සු කතා කරල දුක සැප අහනව,බෝධ් පූජා තියනව,වෙන ආගම් වල විදියට අපි ආරක්ශා කරල දෙන්න කියල ඉල්ලනව.එහෙම බහුතරයක් ඉන්න රටක්.අර වගේ සුලුතරයක් අදාලම නෑ, අර වගේ අපේ දුක අපි ඉන්න තත්වෙ තේරෙන ආදරණීය ලාංකිකයො පිරිසක් ඉදිද්දි.

ඉතින් ලංකාවට එන්න එපා කියල කියනවනම් අපේම අපිට ආදරේ උන්ම කියන්න.උබල කියනවනම් අපි ඉන්නම්.

-කසුන් වික්‍රමගේ-





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu