gossiplanka alexa කොටි හිතවාදීන් බිය වැද්දුවායැයි කියමින් එංගලන්ත උසාවිය බ්‍රිගේඩියර්වරයා වැරදිකරු කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොටි හිතවාදීන් බිය වැද්දුවායැයි කියමින් එංගලන්ත උසාවිය බ්‍රිගේඩියර්වරයා වැරදිකරු කරයි

2018 වසරේ පෙබරවාරි මස හතරවෙනි දින මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දමිළ හිතවාදීන් කණ්ඩායමක් ධජ පතාක රැගෙන සටන්පාඨ කියමින් විරෝධතා ව්‍යාපාරයක නිරත වෙමින් සිටියදී එම විරෝධතාවාදීන්ගේ ගෙල කපා දමන බව දැක්වෙන ඉඟියක් තුන් වරක්ම සිය අතේ ඇඟිලිවලින් විදහා දක්වා විරෝධතාවාදීන්ට තර්ජනය කළ බවට චෝදනා ලත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු  මහතා ඊට වරදකරු බව අධිකරණය තීන්දු කර තිබෙනවා.

මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියන්ත ප්‍රනාන්දුට එරෙහිව පවරා තිබුණ නඩුව විභාග කළ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

චූදිත බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි නඩුව විභාගයට ගත් ජ්‍යෙෂ්ඨ දිස්ත්‍රික් විනිසුරු එමා ආර්බත්නොට්  දුන් තීන්දුවෙන් ප්‍රකාශ වෙන්නේ යුද හමුදා නිලධාරියා එම චෝදනාවලට වරදකරු වෙන අතර ඔහුට රාජ්‍යතාන්ත්‍රික මුක්තියක් නොලැබෙන බවයි.

ඒ අනුව චූදිත බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගේ තර්ජනාත්මක අභිනය සහ එහි සිටි පුද්ගලයන්ට එරෙහිව අඩන්තේට්ටම සිදු කිරීමට සැරසෙන ලෙස බිය ගැන්වීම බ්‍රිතාන්‍යයේ සමාජයේ නීතිය සහ සාමය සුරැකීමට අදාළ පනත අනුව වැරදි ක්‍රියාවක්ය යන්න අධිකරණ තීන්දුව මතයි අදාළ තීන්දුව දී ඇත්තේ.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වෙස්ට්මිනිස්ටර් නඩු විභාගය ඉදිරියේ පෙනී නොසිටි අතර ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද නියෝජිතයෙක් ඔහු වෙනුවෙන් පෙනී සිටියා.

“යුද හමුදාපති හැටියට මම නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිනවා. හරිද වැරදිද කියල තීරණය කළ යුත්තේ වෙන කෙනෙක්,” ජනරාල් මහේෂ් සේනානයක පවසනවා.

රාජ්‍යතාන්ත්‍රික මුක්තිය යටතේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව එක්සත් රාජධානියේ අධිකරණයක නඩු පැවරිය නොහැකි බව ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවරය වී තිබුණා. එහෙත් චූදිත බ්‍රිගේඩියර්වරයා රාජ්‍යතාන්ත්‍රික මුක්තියක් භුක්ති නොවිඳින බව වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ පළමු තීන්දුව මගින් ප්‍රකාශයට පත් කෙරුණ අතර නව තීන්දුව මගින් ද එම පළමු තීන්දුව තහවුරු කරනු ලැබ තිබෙනවා.

වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය චෝදනාවලට වරදකරු යයි තීන්දු කෙරුණ බ්‍රිගේඩියර් ප්‍රියන්ත ප්‍රනාන්දුට අදාළ වරද සම්බන්ධයෙන් ස්ටර්ලින් පවුම් දෙදාහක් ද නඩු ගාස්තු සහ අතිරේක ගාස්තු සහ වන්දි වශයෙන් ගෙවිය යුතු මුදල් ද ඇතුළුව ස්ටර්ලින් පවුම් 4419.80 ක දඩයක් නියම කරනු ලැබ තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu