gossiplanka alexa ප්‍රවීණ රංගන ශිල්පිණී චන්ද්‍රා කළුආරච්චි දිවි ගමනින් සමු ගනී!

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රවීණ රංගන ශිල්පිණී චන්ද්‍රා කළුආරච්චි දිවි ගමනින් සමු ගනී!

ප්‍රවීන සංගීත ශිල්පී ලක්ෂ්මන් විජේසේකර ගේ බිරිඳ වන ප්‍රවීන චිත්‍රපට හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් වන චන්ද්‍රා කළුආරච්චි මහත්මිය අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට එතුමියට වයස අවුරුදු 76 ක් බවයි පවුලේ ඥාතින් ප්‍රකාශ කර සිටියේ.

ගුවන් විදුලියේ ළමා පිටියට පිවිස හඬ නළුවෙන් නිළි භූමිකාව ඇරැඹි චන්ද්‍රා කළුආරච්චි මහත්මිය කරළියට ගොඩවුනේ සෝමපාල ගුණධීරයන්ගේ 'රත්තරන් පුතා' වේදිකා නාට්‍යයෙන්. 1964 නාට්‍ය උළෙලේදී හොඳම නාට්‍ය පිටපත හා හොදම නළුවා සම්මානද දිනාගත් ප්‍රේමරංජිත් තිලකරත්නගේ 'වහලක් නැති ගෙයක්' හැඩ කළ හොඳම නිළිය ලෙසයි චන්ද්‍රා පළමු වරට රාජ්‍ය සම්මානයට පාත්‍ර වුයේ. ඉන් අනතුරුව ආර් ආර් සමරකෝන් හා දයානන්ද ගුණවර්ධන රංගවේදීන්ගේ නාට්‍ය නිර්මාණ සඳහා රාජ්‍ය සම්මාන දිනා ගැනීමට ද ඇය සමත් වුණා.

ඇය සුගතපාල සිල්වා ගේ වේදිකා නිර්මාණද රංගනයෙන් සැරසූ රංගන වේදිනියක්. ජී ඩී එල් පෙරේරා 1968 දී අධ්‍යක්ෂණය කළ 'දහසක් සිතුවිලි' සලරුවෙන් රිදී තිරයට එක්වූ චන්ද්‍රා කළුආරච්චි සිනමා රංගනය සඳහාද කීප වර සරසවි සම්මාන දිනා ගත්තා.

බක් මහා දීගේ ,තුං මං හන්දිය ,වැලි කතර,නිධානය,සිහසුන,ගැහැණු ළමයි ,සෙලිනා ගේ වළව්ව ,පාර දිගේ,අතුරු මිතුරු ,පවුරු වළලු ,වැනි උසස් ගණයේ සිනමාපට වල රඟපෑමට ඇය භාග්‍යවත් වුණා. ලක්ෂ්මන් විජේසේකර සමගින් විවාහ වූ ඇය තම දරුවන් වූ අමා සහ විහඟ කලා ලොවට දායාද කළාය. ප්‍රකට ප්‍රාසංගික ටෙලි නාට්‍යයක් වූ දිමුතු මුතු තුළින් ඇරඹු ඇගේ ටෙලි නාට්‍ය දිවියේ මවකගේ චරිත නිරුපණය කළ බුමුතුරුණු ,චාතුර්යා ,විළම්බීත වැනි නිර්මාණ කැපී පෙනුණා.  ඇය නාට්‍යයන්හි හඬකැවීම් ශිල්පිනියක් ලෙස ද කටයුතු කර තිබෙනවා.

දේහය ගල්කිස්ස කලාපුර අංක 140/31/ස් නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබෙනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu