gossiplanka alexa ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් නඩුවක් ගොනු කිරීමට සූදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් නඩුවක් ගොනු කිරීමට සූදානමක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හිටුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම විභාගයට නොගෙනම ඊයේ දිනයේ දී ප්‍රතික්ෂේප කෙරුනා. 

නමුත්නැවත වතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වයට විරුද්ධව විරෝධතා ගොනු කිරීමට සූදානමක් පවතින බව වාර්තා වනවා.

ඔහුගේ ප්‍රති පාර්ශවයන් විසින් මෙවර විරෝධතා ගොනු කිරීමට සූදානම් වන්නේ නාම යෝජනා භාර ගැනීමේ අවසන් කාලසීමාවෙන් පසු ලබා දෙන විරෝධතා සඳහා වූ කාලයේදීය.

එහි දී ඔවුන් මතු කරන්නට යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය නිසිලෙස අහෝසි කර නොගත් නිසා 19 වන සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියකුට මෙරට ජනාධිපතිවරණයකට ඉදිරිපත් කිරීම හැකියාවක් නැති බවයි.

මැතිවරණ කොමිසම එම විරෝධතා පිළි නොගත හොත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එය අභියෝගයට ලක් කිරීමටද ඔවුන් සැලසුම් කර සිටින බවත් සඳහන්. 

ඊයේ අභියාචනාධිකරණ තීන්දුවෙන් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ඇමරිකා පුරවැදි භාවය නිසි ලෙස ඉවත් කර ගැනීමක් ගැන කරුණු හෙලි නොවූ බව ඔවුනගේ තර්කයයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu