gossiplanka alexa ශ්‍රිලනිප සමුළුවේදී ජනාධිපති කළ ප්‍රකශවලින් පක්ෂ සියල්ල කැළඹේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රිලනිප සමුළුවේදී ජනාධිපති කළ ප්‍රකශවලින් පක්ෂ සියල්ල කැළඹේ

දිරි ජනපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේද පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ පක්ෂද මේ වන විට කටයුතු සංවිධානය කරමින් පවතිනවා. මේ අතුරතුජන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනම දේශපාලන බලවේගයක් හෝ සන්ධානයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව යම් සැලසුම්සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවාද යන්න පිළිබඳ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ප්‍රධානීන් වෙන වෙනම සාකච්ඡා කර ඇති බවද වාර්තා වනවා. 

මෙයට ප්‍රධානම හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සම්මේලනය අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කථාව බව ආරන්චි මාර්ග පවසනවා. මෙමෙ කතාව හේතුවෙන් ආණ්ඩු පක්ෂය හා ප්‍රධාන විපක්ෂය යන දෙපිළේම දේශපාන අර්බුද මතුව ඇති බවටයි වාර්තා වන්නේ.

විශේෂයෙන්ම සම්මේලනය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන්ට ඉහළින් ඇති ලොකු මහත්වරුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවට පැවැසීම ආණ්ඩුවේ ඉහළ පුටු අමාරුවේ වැටෙන බවට ඉඟියක්ද යන්න ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් අතර සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරයාට වැඩි බලයක් න්මැති බව පවසා ප්‍රබල අගමැතිවරයෙකු ඇතුළු ආණ්ඩුවක් බිහිකර ගැනීමට කටයුතු කළ බව හා තමාට මෙන් හා තම පක්ෂයට අවුරුදු 68ක් බැවින් තමාද පරිණත පුද්ගලයෙක් බව පැවැසීම තුළ 2020 ආණ්ඩුව පිහිටුවීම හා අගමැතිධුරය ලබාගැනීමේ සැලසුමක් ඔහු සතුව ඇත්දැයි පොදුජන පෙරමුණ ඇතුළු එම පක්ෂයේ ප්‍රධානීන් අතර සාකච්ඡා වී ඇතැයිද වාර්තා වනවා.

එසේම ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහාතාගේ මැතිවරණ ව්‍යාපාරයට මේ හේතුවෙන් යම් බලපෑමක් ඇතිවිය හැකිද යන්න පිළිබඳවද ඔවුන් අතර සාකච්ඡා වි තිබෙනවා. කෙසේ වෙතත් ඉදිරි දේශපාලන ජයග්‍රහණ්‍ය ලබා ගැනීම සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාගැනීම වැදගත් බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සාකච්ඡා වී ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

'අද' ඇසුරින්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu