gossiplanka alexa ඔබේ කැදැල්ල දිදුලවන මිණි පහණ වෙන්න ඔබ කැමතිද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔබේ කැදැල්ල දිදුලවන මිණි පහණ වෙන්න ඔබ කැමතිද?

“සරත්, මම රස්සාවකට යන්න තීරණය කළා.” මහේෂි කියද්දී සරත් ඇය දිහා බැලුවේ බය වෙලා වගේ. දිගු සුසුමක් හෙලපු සරත් ටික වෙලාවකින් හඬ අවදි කළා.

“ මහේෂි, මම දන්නවා මගේ අතින් මේ ගෙදරට හරියට යුතුකම් ඉෂ්ඨ වෙන්නේ නැහැ කියලා. මට තව ටික දවසක් දෙන්න. මම කොහොමහරි මහන්සි වෙලා තව සල්ලි හම්බ කරන්නම්. මම කැමති නැහැ ඔයා දුක් විඳිනවට.” සරත්ගේ කට හඬේ ලොකු දුකක් ගැබ් වෙලා තියෙනවා කියලා මහේෂිට දැනුනා. ඇය සරත්ගේ අත අරගෙන තමන්ගේ අත උඩින් තියා ගත්තා.


“ඔයා අපේ පවුල වෙනුවෙන් කරන දේවල් ඉහටත් උඩින් සරත්. ඔයා මමයි, දරුවෝ දෙන්නයි වෙනුවෙන් උපරිමයටම කැප වෙනවා කියලා මම හොඳටම දන්නවා. මට ඕනේ ඔයාගේ මහන්සියට උදව්වක් වෙන්න විතරයි. ගෑනු කෙනෙක් රස්සාවක් කරනවා කියන එක දුක් විඳීමක් නෙවේ සරත්.

ඒක පවුලට ආඩම්භරයක්. පවුලේ මුළු බරම පිරිමියා පිට පටවලා ආඩපාලි කියා කියා ඉන්න එක නෙවෙයි හොඳ වයිෆ් කෙනෙක් කරන්න ඕනේ. තමන්ගේ හස්බන්ඩ්ට සවියක් වෙන එක. අනිත් එක මම යන්නේ ඇඟලුම් කර්මාන්තශාලාවක වැඩට. ඒක කොච්චර හොඳ රස්සවක්ද? ඔයාට දුක් වෙන්න මෙතන කිසිම දෙයක් නැහැ.” මහේෂි කියද්දී සරත්ගේ මුවේ පුංචි හිනාවක් මැවුනා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා ලෝක ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව අවුරුදු 15ට වැඩි සහ 64ට අඩු පුද්ගලයන්ව ගැනෙන්නේ ශ්‍රම බලකාය යටතටයි. ඒ අනුව යැපෙන්නන් විය යුත්තේ අවුරුදු 15ට අඩු දරුවන් සහ අවුරුදු 64ට වැඩි පුද්ගලයන් පමණයි. රටක ශ්‍රම බලකායට අයත් පිරිස යැපෙන්නන් වීම රටේ සංවර්ධන වේගය සීග්‍රයෙන් පහල බස්වනවා.

ඒ වගේම තමයි පවුලක ආර්ථික සංවර්ධනයත්. පවුලක වැඩ කරන වයසේ සිටින පුද්ගලයන් යැපෙන්නන් වීම කිසිසේත්ම පවුලට ආඩම්භරයක් වෙන්නේ නැහැ. එය පවුලේ සහ රටේ සංවර්ධනයට හානිකරයි. පවුලේ දිළිඳුකම නැති කරන්න දායක වෙන මවක්, සහෝදරියක් නිවසක සිටීම මොන තරම් ආඩම්භර වෙන්න ඕනේ කරුණක්ද?

කාන්තාවකට හොඳින්ම ගැලපෙන ආරක්‍ෂිත රැකියා ක්ෂේත්‍රයක් තමයි ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය කියන්නේ. ඇඟලුම් කර්මාන්තශාලා මේ වෙද්දී හැම නගරයකම වගේ තියෙනවා. ඉතින් ගෙදර ඉඳන්ම ගිහින් කරලා එන්න පුළුවන් රැකියාවක් තමයි මේ. ඔබට පවුලෙන් දුරස් වෙන්න සිද්ධ වෙන්නෙත් නැහැ.

 ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවක නියැලෙන කාන්තා ඔබට හොඳ වැටුපක් සහ වෙනත් පහසුකම් රාශියක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබේ ආහාර වලට යන වියදම සහ ගමන් වියදම ආයතනය විසින් දරනවා. එහෙම නැත්තම් ඔබට නොමිලේ ආහාර සහ ප්‍රවාහන පහසුකම් ලබා දෙන්න ඔවුන් කටයුතු කරනවා. ඉතින්  ඔබට ඔබේ වැටුප සම්පුර්ණයෙන්ම ඉතිරි කර ගන්න අවස්තාව හිමි වෙනවා.

පවුලේ වියදම් වලට දායක වීමට ලැබීමෙන් ඔබට ඔබේ පවුල තුල හොඳ තැනක් ලබා ගන්න පුළුවන්. ඔබට ඔබේ පවුලේත්, රටේත් ආර්ථික සංවර්ධනයට දායක වෙන්න පුළුවන්. ඔබට ඔබේ රට තුල සාඩම්භර පුරවැසියෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට ලැබෙන වැටුපෙන් ඔබේ අසල්වාසීන්ගේ ගැටළු වලට උපකාර කිරීම, පොදු සමාජ කටයුතු වෙනුවෙන් වියදම් කිරීම වැනි දේවලින් ඔබට ඔබ ජිවත් වන ප්‍රදේශය තුලත් ඉහල නමක් දිනා ගන්න පුළුවන්.

මතක තබා ගන්න, යැපෙන්නෙක් වීම තව දුරටත් ආඩම්භරයට කරුණක් නෙවෙයි. ඉතින් ඇයි ඔබ තවත් ප්‍රමාද වෙන්නේ. ඔබට පුළුවන් ඔබේ කැදැල්ල ආලෝකමත් කරවන වැඩ පිළිවෙලට අදම එකතු වෙන්න.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu