gossiplanka alexa විසඳුමක් නොලැබුණත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් පොහොට්‍ටුවට, බදුර්දීන්හැර අනෙකුත් සුළු පක්ෂ ද කැමැත්ත පළ කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විසඳුමක් නොලැබුණත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් පොහොට්‍ටුවට, බදුර්දීන්හැර අනෙකුත් සුළු පක්ෂ ද කැමැත්ත පළ කරයි

මේ මස අවසන් සතිය වනවිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සිදුවනු ඇති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර වූ සාකච්ඡා මෙම සතිය තුළදී අවසන් කිරීමට දෙපාර්ශ්වයේ අවධානය යොමුවතිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු මේ වනවිට කැමැත්ත පළ කර  ඇත්තේ නව සන්ධානයක් බිහිකිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර වූ සාකච්ඡා අවසන් එකඟතාවකට පත් නොවුණහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වීමට යි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අදාළ ජ්‍යෙෂ්ඨයන් පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බවද වාර්තා වනවා.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා ‘පොහොට්ටුව’ ලකුණ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වූ ගැටලුව හැර ප්‍රතිපත්තිමය කරුණු 25කට අධික සංඛ්‍යාවක් සඳහා දෙපාර්ශ්වය විසින් මේ වනවිට එකඟතාවට පත්ව ඇතිව බවද සඳහන්. 

මේ අතර ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ කිහිපයක්ද ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ සමග කෙටි සාකච්ඡා පවත්වා ඇති බවත්, මේ වනවිට ආණ්ඩුව පත්ව ඇති අවිනිශ්චිතාව හේතුවෙන් අවශ්‍ය වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වීමට අවධානය යොමු කළ බවට ඔවුන් විසින් ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වනවා. කෙසේවුවද ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන මෙම පක්‍ෂ අතර රිෂාඩ් බද්යුදීන් අමාත්‍යවරයා නොසිටි බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu