gossiplanka alexa නවසීලන්තය සමඟ 20-20 තරඟ ප්‍රේමදාස ක්‍රීඩා පිටියෙන් පල්ලෙකැලේ ක්‍රීඩාංගනයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නවසීලන්තය සමඟ 20-20 තරඟ ප්‍රේමදාස ක්‍රීඩා පිටියෙන් පල්ලෙකැලේ ක්‍රීඩාංගනයට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම පැවැත්වෙන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරඟ තුනෙන් දෙකක් පැවැත්වීමට සැලසුම් කර තිබුණේ කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදීයි. නමුත් තරඟ තුනම පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේ පැවැත්වීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ  ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ සිදු කෙරෙන ප‍්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන්. 

තරග තුනකින් සමන්විත නවසීලන්ත - ශී‍්‍ර ලංකා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරඟය ලබන 31 දා ආරම්භ වනවා.

බංග්ලාදේශය සමග පැවති එක්දින තරගාවලියේ දී ද කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ සිදු කෙරෙන ප‍්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් කී‍්‍රඩාංගණයේ පේ‍්‍රක්‍ෂකාගාරවල ආසන කිහිපයක් භාවිතයට ගැණුනේ නැහැ. මෙම කී‍්‍රඩාංගණයේ සිදු කෙරෙන ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන්වීමට තවත් මාස 4 ක පමණ කාලයක් ගතවනු ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා කියා සිටින්නේ.

නවසීලන්තය, ශී‍්‍ර ලංකා තරග සංචාරයේදී ටෙස්ට් තරග දෙකකට සහ පන්දුවාර 20 කි‍්‍රකට් තරග 3 කට සහභාගි වනවා.  පළමු ටෙස්ට් තරගය ලබන 14 වනදා ආරම්භ වන්නේ ගාල්ල කී‍්‍රඩාංගණයේදීයි. දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 22 වනදා කොළඹ පී සරා  ඕවල් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වනවා.  
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu