gossiplanka alexa සිංහල මව්වරුන් වඳ කල බවට චෝදනා ලැබූ වෛද්‍ය සා‍ෆි නිදහස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සිංහල මව්වරුන් වඳ කල බවට චෝදනා ලැබූ වෛද්‍ය සා‍ෆි නිදහස්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ විසින් වෛද්‍ය සාෆි ත්‍රස්තවාදී ක්‍රියා වලට සම්බන්ධ යයි ඔප්පු කිරීමට සාධක නොමැති බව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබෙනවා.  ඒ අනුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ වෛද්‍ය සාෆි ට පනවා තිබු මාස තුනක සිර දඬුවම් ඉවත් කරනු ලැබුවා. 

ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් ඇති වූයේ දිවයින පුවත්පත මැයි 23 වෙනිදා "තවුහිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් හාර දහසක් වඳ කරලා, සාක්ෂි සහිතව තොරතුරු හෙළිවේ" යනුවෙන් පළ කර තිබු ප්‍රධාන පුවතත් සමගය. ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි නමැති සැකකාර වෛද්‍යවරයා ඒ අනුව මැයි 25 දින පොලිසිය විසින් අත්අඩංගුවට ගනු  ලැබුවා. 

වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළේ, මැයි 27 වෙනිදාය. ඒ අනුව, අදාළ වෛද්‍යවරයා විසින් කරන ලදැයි පැවසෙන "වඳ සැත්කම්" පිළිබඳ පැමිණිලි ඇත්නම් ඉදිරිපත් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මැයි 26 වෙනිදා ප්‍රසිද්ධියේ මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණා. අදාළ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණයට අදාළව ප්‍රකාශ 758ක් ලබාගෙන තිබුණා. 

එම ප්‍රකාශ ලබාගෙන ඇත්තේ මෙසේය.

සිසේරියන් සැත්කම්වලට භාජනය වූ කාන්තාවන්: 601
ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්: 07
ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරුන්: 01
නොමේරු ළදරුවන් පිළිබඳ වෛද්‍යවරුන්: 06
සිසේරියන් සැත්කම්වලට සහය වන වෛද්‍යවරුන්: 11
නිර්වින්දන වෛද්‍යවරුන්: 10
හෙද නිලධාරිනියන්: 70
ප්‍රධාන හෙද නිලධාරිනියන්: 01
උපස්ථායක සේවකයින්: 18
මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍යවරුන්: 01
කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා
චෝදනාවට ලක්වූ වෛද්‍ය ෂිහාබ්දීන් ෂාෆි (අවස්ථා ගණනාවකදී ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණා)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu