gossiplanka alexa පාරිසරික හා සෞඛ්‍ය හානි ගෙන දෙන අපද්‍රව්‍ය ගෙන්වූ ආයතයනයට දැඩි නියෝගයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාරිසරික හා සෞඛ්‍ය හානි ගෙන දෙන අපද්‍රව්‍ය ගෙන්වූ ආයතයනයට දැඩි නියෝගයක්

එංගාන්තයෙන් මෙරටට අනවාරයෙන් ගෙනා අපද්‍රව්‍ය රට තුළ ඉතා ගැටළුකාරී තත්ත්වයක් මතු කර තිබෙනවා. සෞඛ්‍ය ගැටළු රාශියක් ඇති කිරීමට ඉවහල්වන බව බෝහෝ දෙනා පවසන මෙම අපද්‍රව්‍ය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා තැබූ සටහනක් තමයි මේ. 

"කටුනායක අපනයන සැකසුම් කලාපයේ ගොඩගසා ඇති අපද්‍රව්‍ය තොගය කිසිදු පසු සැකසීමක් සිදුනොකර ගෙන්වා ඇති ආයතනය විසින් සිය වියදමින්ම ආනයනය කරන ලද රටටම යැවීමට කඩිනමින් පියවර ගන්නා ලෙස එම ආයතනයට ජාතික පාරිසරික පනත අනුව, නියෝග කිරීමට පියවර ගන්නා ලදී.

නැවත අපනයනය කරන තෙක් එම අපද්‍රව්‍ය මගින් බාහිර පරිසරයට එකතුවන අපදියර හා අංශු නිකුත්වීම වැළැක්වීමටත්, වර්ෂාවෙන් ආරක්ෂා කිරීමටත්, වහාම අදාළ ක්‍රියාමාර්ග ගත යුතු බව ද ජාතික අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තියට අනුව, අපද්‍රව්‍ය, රසායනික අපද්‍රව්‍ය ආදී අන්තරායකර අපද්‍රව්‍ය ආනයනය තහනම් වන බැවින්, මින් ඉදිරියට එවැනි පාරිසරික හා සෞඛ්‍ය හානි ගෙන දෙන කටයුතු වලින් වළකින ලෙස ද තරයේ උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම ජාත්‍යන්තර සම්මුතියක් වන ශ්‍රී ලංකාව ද අත්සන් කර ඇති බාසල් සම්මුතියට අනුව යම් රටකට එම රටේ එකගතාවයකින් තොරව තවත් රටකින් අපද්‍රව්‍ය ආනයනය සිදුකළ කළ නොහැක. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය යටතේ, කටුනායක අපනයන සැකසුම් කලාපයේ කලාප අංක 4 තුළ පිහිටා ඇති Hayleys Free Zone Ltd (Advantis) ආයතනය විසින් මෙම අපද්‍රව්‍ය ආනයනය සිදුකර ඇත. මෙම ආයතනය 2014 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන්නේ, ජාත්‍යන්තර ආනයන අපනයන කටයුතු වලට අදාළ මෙහෙයුම් කේන්ද්‍රයක් ලෙසටය. මෙම ආයතනයේ කළමනාකාරීත්වය යටතේ ක්‍රියාත්මක වන ආයතන ජාලයක් ද ක්‍රියාත්මක වන අතර, ජාත්‍යන්තර වෙළෙදාම් කටයුතු වල භාණ්ඩ හා සේවා සැපයුම් ජාලයට භාණ්ඩ සැපයීම, භාණ්ඩ වලට අගයන් එකතු කිරිම ආදී වෙළෙඳ සේවා කටයුතු මෙම ආයතනය විසින් සිදුකරයි. මුදල් පනත යටතේ, 2013 වර්ෂයේ ජුලි මස 11 දින නිකුත් කර ඇති 1818/30 දරණ ගැසට් නිවේදනයේ අඩංගු රෙගුලාසි වලට අනුව කටුනායක අපනයන සැලසුම් කලාපය නිදහස් කලාපයක් / bonded area ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව මෙම ආයතනය ප්‍රතිඅපනයන මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කර ඇති බව නිරීක්ෂණය විණි.

මෙම ආයතනය විසින් භාවිත කරන ලද මෙට්ට, පාපිසි, වාහන වල ඇති කාපට් වැනි කොටස් ඇතුළු මිශ්‍ර අපද්‍රව්‍ය ආනයනය කර පසුසැකසුම් සිදුකිරිමෙන් අනතුරුව ප්‍රති අපනයනය 2017 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ සිට 2018 වර්ෂයේ ජනවාරි මාසය දක්වා සිදුකර ඇත. ඉහත අපද්‍රව්‍ය එක්සත් රාජධානියේ Vengaads Ltd ආයතනයෙන් ආනයනය කර ඇත. මේ වන විට අපද්‍රව්‍ය අඩංගු අඩි 40 බහාලුම් 130 ක් අවස්ථා 12ක දී ආනයනය කර ඇති අතර, එම ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 27,685ක් පමණ වේ. නිරික්ෂණය කරන අවස්ථාවේ දී වර්ග අඩි 50,000ක් පමණ වපසරියක එකි අපද්‍රව්‍ය ගොඩගසා ඇති අතර, පසු සැකසුම් කටයුතු වලට අදාළ යන්ත්‍ර සූත්‍ර කිහිපයක් ද හඳුනාගෙන ඇත.

ඇතැම් අපද්‍රව්‍ය මත වැසි ජලය අවශෝෂණය වී දීලීර, පාසී බැඳි ඇති අතර, ගොඩගසා ඇති ද්‍රව්‍ය වලින් නිකුත් වන අපදියර ජලය ගලා බසින කාණු පද්ධති වලට එකතුවීමක් ද නිරික්ෂණය වී ඇති අතර, අපදියර පිරිපහදු පද්ධතියක් ද මෙම ස්ථානයේ ක්‍රියාත්මක නොවේ. මෙම අපද්‍රව්‍ය වලින් කුඩා තන්තුමය අංශු සුළඟට ගසා ගොස් අවට පරිසරයට ද එකතු වේ. සෞඛ්‍ය හා පාරිසරික අවධානමක් ගෙනදෙන මේ ආකාරයේ පාරිසරික හානි වැළැක්වීමට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරිමේ අවශ්‍යතාව පවතී. 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත අනුව, යම් කිසි කාර්මික ක්‍රියාවලියක් සිදුකරන්නේ නම්, ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් සහ අවශ්‍ය වන්නේ නම්, උපද්‍රවකාරි අපද්‍රව්‍ය බලපත්‍රයක් ලබාගත යුතුය. මෙම ආයතනය එම බලපත්‍ර ලබාගෙන නොමැති බැවින් ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන අනුව එම ආයතනයට එරෙහිව නිතීමය පියවර ගැනීමට කටයුතු කරමින් පවතී."

හේමන්ත ජයසිංහ
අධ්‍යක්ෂ ජනරාල්
මධ්‍යම පරිසර අධිකාරිය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu