gossiplanka alexa රාවුෆ් හකීම්ගේ ලක්ෂ 60 සොරාගෙන ගලි වලට දැමූ බවට සැකයක්??

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාවුෆ් හකීම්ගේ ලක්ෂ 60 සොරාගෙන ගලි වලට දැමූ බවට සැකයක්??

සිය සැමියා වන රාවුෆ් හකීම් සතුව විකිනීමට නියමිතව තිබු මෝටර් රථයක් සඳහා ගනුම්කරුවෙකු විසින් ලබාදුන් රුපියල් ලක්ෂ 60 ක මුදලක් අතුරුදහන් වී ඇති බව අමාත්‍ය රාවුෆ් හකීම් ගේ බිරිඳ විසින් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 

අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 60 ක මුදල ලබා ගෙන එම මුදල තමන් අතට ලබා දුන් බවත් එම මුදල බෑගයක දමා සිය නිදන කාමරයේ ඇඳ යටින් දැමු බවත් අමාත්‍යවරයාගේ බිරිඳ පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා. දින කිහිපයකට පසුව මුදල් දැමු බෑගය ගෙන බැලීමේදී ඒ තුල තිබු රුපියල් ලක්ෂ 60ක මුදල අතුරුදහන්ව තිබු බවත් එම මුදල් තිබු බෑගය කිසිවෙකු විසින් අවුස්සා තිබු අයුරු දකින්නට වූ බවයි අමාත්‍යවරයාගේ බිරිඳ වැඩිදුරත් පවසා ඇත්තේ. 


තමන් බෑගයේ මුදල් නොමැති බව දැකීමෙන් පසුව නිවසේ සේවය කරනු ලබන සේවිකාවන් තිදෙනාගෙන් විමසූ බවත් ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා. එම සේවිකාවන් තිදෙනාගෙන්රාවුෆ් හකීම් දෙදෙනෙක් මීට දින කිහිපයකට ඉහතදී නිවසින් පිට වී ගොස් තිබෙනවා. 

මෙම සිද්ධියෙන් පසු දිනක අමාත්‍යවරයගේ නිවසේ වැසිකිලිය උතුරා යාමෙන් ගලිවල සුද්ද කිරීමේ අවශ්‍යතාවක් මතු වී තිබෙනවා. එම අවස්ථාවේ දී එහි තිබී ඉරීගිය රුපියල් 5000 මුදල් නෝට්ටු දෙකක් හමුවූ බවත් එම නෝට්ටු දෙක ගලිවල ශුද්ධ කිරීමට පැමිණි සේවකයින් රැගෙන ගොස් ඇති බත්  අමාත්‍යවරයාගේ බිරිඳ පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා. පළමු වරට ගලිවල ශුද්ධ කිරීමෙන් දින තුනකට පසුව නැවත ගලිවල උතුරා යාම හේතුවෙන් කොළඹ මහ නගර සභාවේ ගලි බවුසරයක් ගෙන්වා ගලි වල ශුද්ධ කිරිමේදී රුපියල් 5000 මුදල් නෝට්ටු කොටස් හමු වූ බවද අමාත්‍යවරයාගේ බිරිඳ පොලිසියට සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් කියා සිටියා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu