gossiplanka alexa උණ සහ උගුරේ වේදනාව සමඟින් කුෂ්ඨ රෝගයක් පැතිර යාමේ අවධානමක්, ප්‍රතිකාර තවම සොයාගෙන නැහැ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උණ සහ උගුරේ වේදනාව සමඟින් කුෂ්ඨ රෝගයක් පැතිර යාමේ අවධානමක්, ප්‍රතිකාර තවම සොයාගෙන නැහැ

රුවන්ට රෝග වැළඳීම ඉතා සීඝ්‍රයෙන් ඉහළ යන කාලයක උණ සහ උගුරේ වේදනාව සමග ආරම්භ වන රෝගයක් ගැන මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් අසන්නට ලැබෙනවා. මෙම රෝගය අවසන් වන්නේ ශරීරය පුරා කුඩා දියපොක්කලම් වලින් සැදුනු කුෂ්ඨ රෝගයකින්. .විශේෂයෙන් මෙම කූෂ්ඨ කටේ ,අල්ලේ ,යටි පතුලේ ,දනහිසෙ , තට්ටම් වල සහ වැලමිට ආදී ස්තානවල වැඩිපුර දකින්නට පුලුවන්.

මෙය පැතිර යන්නේ බොහෝවිට ඉතා කුඩා දරුවන් අතරයි.අවුරුදු 5 ට අඩු දරුවන් කිව්වොත් නිවැරැදියි .ඒත් කලාතුරකින් ලොකු දරුවන් සහ වැඩිහිටියන් අතරත් දක්නට පුලුවන්. රෝගියෙකුගෙ කෙල ,බිඳිති, කුෂ්ඨ ස්‍රාව වලින්.රෝගියෙකු ලඟ සිටීමෙන් ,ස්පර්ශ කිරීමෙන් භාන්ඩ එකට පරිහරණය කිරීමෙන්ද මෙය ඉතා ඉක්මනින් පැතිර යා හැකියි. විශේෂයෙන්ම අපිරිසිදු අත් වලින් මෙය බෝවෙනවා. රෝගය වැළඳී මුල් සතියක් පුරා රෝගියෙකුගෙන් තව කෙනෙකුට රෝගය බෝවෙන්න පුලුවන් .

මේ රෝගය ප්‍රධාන වශයෙන් coxsackievirus A16 සහ Enterovirus 71 නමැති වෛරස් වර්ග දෙක 

මඟින් ඇති කරන බවයි සොයාගෙන ඇත්තේ. coxsackievirus A16 මගින් ඇතිවන රෝගය උන සහ කුෂ්ඨ තත්ත්වය පමණක් ඇති සුලු රෝග තත්වයක් වුනත් Enterovirus 71  මගින් ඇති කරන රෝගය මෙනින්ජයිටිස් සහ එන්කෙෆලයිටිස් වැනි සංකූලතා ඇතිකිරීමට ඉඩ තියෙනවා .

මේ රෝගයට විශේෂ ප්‍රතිකාර හෝ එන්නත් දැනට නැහැ.එහෙත් වේදනාව උගුරේ අපහසුතා , උන සමනය කිරීමට යම් යම් ඖෂධ භාවිතා කරන්න පුලුවන් .රෝගීන් විවේකයෙන් සිටීම හොඳින් දියර බීම සහ ආහාර ගැනීම වැදගත් .

රෝගය පැතිරීම වලක්වන්නෙ කොහොමද ?

1. රෝගීන් අනෙක් දරුවන්ගෙන් ඈත් කොට තැබීම. විශේෂයෙන්ම හොඳින් සුවවන තුරු ඔබේ දරුව පෙරපාසල් හෝ පාසල් නොයවන්න.

2.රෝගීන් පරිහරණය කරන තුවා,කෝප්ප,හැඳි වැනිදේ නිරෝගී දරුවන් වෙනුවෙන් භාවිතා නොකරන්න.

3.පොලට ,රෝහලට ,පාසලට හෝ බසයේ ගියවිට දරුවාව ඇල්ලීමට පෙර හොඳින් සබන් යොදා අත්පා සෝදාගන්න.මක්නිසාද ඔබේ අත්වල මේ වෛරස තැවරී තියෙන්න පුලුවන් නිසා

අධික උන වමනය හෝ කුෂ්ඨ තත්ත්වය ඉතා උඝ්‍ර ලෙස ඇත්නම් ලඟම රෝහලට ගොස් වෛද්‍යවරයකු හමුව අවශ්‍ය උපදෙස් ගන්න.

මෙය දැනුවත් කිරීමට ඔබත් සහයෝගය වශයෙන් ශරෙ කරන්න

උපුටා ගැනීමකි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu