gossiplanka alexa 2022 වන විට චන්ද්‍රයින් කිහිපදෙනෙකු අහසේ දිස්වන ලකුණු, බල ශක්ති අර්බුදයට කදිම විසඳුමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

2022 වන විට චන්ද්‍රයින් කිහිපදෙනෙකු අහසේ දිස්වන ලකුණු, බල ශක්ති අර්බුදයට කදිම විසඳුමක්

මුළු රාත්‍රී අහසම ආලෝකමත් කරන කෘතිම චන්ද්‍රයෙක් කක්ෂගත කිරීමට චීනය සූදානම් වනවා. ලෝකයට අළුත් දෑ සොයා දෙන චීනය එදිනෙදා බලශක්ති පිරිවැය අවම කිරීම සඳහා මෙම උත්සාහය දරන බවයි ඔවුන් පවසන්නේ.

ඒ අනුව මිනිසා විසින් නිපදවන ලද කෘතිම සඳ 2020 වන විට කක්ෂගතවනු ඇති. මෙම චන්ද්‍රයා මඟින් සාමාන්‍ය වීදි ලාම්පුවලින් අපේක්ෂිත ආලෝකයක් ලබා ගැනීමට ඔවුන් බලාපොරොත්තුවනවා.

වර්ග කිලෝමීටර 50ක ප්‍රදේශයක් පමණ ආලෝකමත් කළ හැකි මෙම චන්ද්‍රයා සැබෑ සඳට වඩා පෘතුවියට සමීප වනු ඇති. සැබැඑ සඳෙහි කිලෝමීටර් 380,000 (සැතපුම් 236,000) දුර හා සසඳන විට කෘතිම චන්ද්‍රයා කිලෝමීටර් 500 ක් (සැතපුම් 310) දුරින් පිහිටනු ඇති බවයි වාර්තා වන්නේ. 

කෙසේ වෙතත් මෙම චන්ද්‍රයා කක්ෂගත කිරීමට පෙර ජනාවාස නොවූ කාන්තාර ප්‍රදේශයක දී පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු යොදා තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් 2022 වන විට තවත් චන්ද්‍රයින් තිදෙනෙකු රට පුරා කක්ෂගත කිරීමට චීනය අපේක්ෂා කරනවා.

ලෝකය මුහුණ දෙන බලශක්ති අර්බුද වලට අනාගතයේ දී මෙය කදිම පිළිතුරක් වනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu