gossiplanka alexa ICC යෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දුන් ප්‍රගති වාර්තාව - ඕස්ට්‍රේලියාවේ මිචෙල් ලංකාවේ මුළු කණ්ඩායමටම වඩා ඉහළින්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ICC යෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දුන් ප්‍රගති වාර්තාව - ඕස්ට්‍රේලියාවේ මිචෙල් ලංකාවේ මුළු කණ්ඩායමටම වඩා ඉහළින්

ශ්‍රී ලංකා පිළ තරගාවලියට එක්වූයේ අස්ථාවර කණ්ඩායමක් ලෙසින් බවදක්වමින් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දක්‍ෂතා සහ දුර්වලතා පදනම් කර ගනිමින් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය ප‍්‍රගති වාර්තාවක් එළිදක්වා තිබෙනවා. 

ඊට හේතු ලෙස ඔවුන් දක්වා තිබුණේ  නවක නායකයෙකු සහ කී‍්‍රඩකයින් කිහිප දෙනෙකු කලකට පසු එක්දින සංචිතයට එක්වීම යි.  කෙසේවෙතත් තවමත් 21 වන වියේ පසුවන අවිශ්ක ප‍්‍රනාන්දුගේ දක්‍ෂතා සහ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් වන ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ දක්‍ෂතා එහි දී අගය කර තිබෙනවා.    

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී  ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් පන්දුවාර 219 යි පන්දු 3 ක් වැය කර බිද හෙළා ඇත්තේ කඩුළු 30 ක් පමණයි. එහෙත්  ඕස්ටේ‍්‍රලියාවේ මිචෙල් ස්ටක් එම පන්දුවාර සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණක් යවමින් කඩුළු 26 ක් බිද හෙළා ඇති බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ. 

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් පමණක්  පිතිකරුවන් දෙදෙනෙකු අතර ලකුණු සියයක සබඳතාව අවස්ථා 4කදී ගොඩ නඟාගෙන ඇති නමුත්  ලංකා කණ්ඩායම එවැනි අවස්ථා 2ක් පමණක් ගොඩනඟාගෙන ඇති බවයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ ප‍්‍රගති වාර්තාවෙහි සඳහන්ව ඇත්තේ. 

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කඩුල්ලක් ලකුණු 26.14 ක සාමාන්‍යයක් තුළ බිද වැටී තිබෙනවා. එසේ ගත් කළ ශී‍්‍ර ලංකා කණ්ඩායමට සියළු දෙනා දැවී තරගයකදි රැස් කර ගත හැකි සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව 261 ක්. එය තරඟ ජයග‍්‍රාහී ලකුණක් නොවන බවද ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය වැඩිදුරටත් පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu