gossiplanka alexa මිනිස් ජීවිත බේරාගැනීමට හමුදාවට මහඟු මෙහෙවරක් කළ සුනඛ වීරවරිය සේවයෙන් සමුගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මිනිස් ජීවිත බේරාගැනීමට හමුදාවට මහඟු මෙහෙවරක් කළ සුනඛ වීරවරිය සේවයෙන් සමුගනී

මෙක්සිකානු නාවික හමුදාවට අනුයුක්තව සේවය කළ ෆ්‍රයිඩා නම් බැල්ල සිය සේවයෙන් විශ්‍රාම ගොස් තිබෙනවා. ඇය 2017 වසරේ මෙක්සිකෝ භූ කම්පනයේදී මිනිස් ජීවිත රැසක් බේරාගැනීමට සහ මෘත ශරීර සොයාගැනීමට ඉමහත් දායකත්වයක් ලබාදෙමින් ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් වුණා.

ගෝල්ඩන් ලැබ්‍රඩෝ වර්ගයේ ෆ්‍රයිඩා වෙනුවෙන් විශේෂ සැමරුමක්ද පවත්වා ඇති බවයි වාර්තා වන්නෙ. මෙක්සිකෝව පුරා මුදාගැනීමේ මෙහෙයුම් 53කට වඩා වැඩි ප්‍රමාණයකට සහභාගී වී ඇති අතර, එය මෙක්සිකෝවට පමණක්නොව හයිටි, ගෝතමාලා සහ ඉක්වදෝර් යන රාජ්‍යයන් තුළද සිදුකර තිබෙනවා. 

මෙක්සිකෝ නාවික හමුදාව පවසන පරිදි මෙම ෆ්‍රයිඩා විසින් මේ වනවිට මිනිස් ජීවිත 12කට වඩා වැඩි ප්‍රමාණයක් බේරාගෙන ඇති අතර, මෘත ශරීර 40කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමටද සහාය වී තිබෙනවා.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu