gossiplanka alexa මීගමුවේ ප්‍රදේශවාසීන්ගෙන් රාජිතට දැඩි විරෝධය,ඇමතිවරයා පි‍ටුපස ගේට්‍ටුවෙන් පිටව යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මීගමුවේ ප්‍රදේශවාසීන්ගෙන් රාජිතට දැඩි විරෝධය,ඇමතිවරයා පි‍ටුපස ගේට්‍ටුවෙන් පිටව යයි

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මීගමුව මහ රෝහලේ නව ළමා වාට්‍ටුව විවෘත කිරීමේ උත්සවයට අද පස්වරුවේ පැමිණි අවස්ථාවේ දී ප්‍රදේශවාසීන්ගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වුණා. 

මෙම උත්සවය සඳහා අමාත්‍යවරයාගේ සහභාගීත්වයට විරෝධය දක්වමින් කළු කොඩි සහ විරෝධතා දැන්වීම් ප්‍රදර්ශනය කර තිබෙන අයුරු දක්නට ලැබුණා. උත්සව සභාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට උත්සහා කලත් අමාත්‍යවරයා මාධ්‍යවේදීන් මඟ හැර ගිය බවයි වාර්තා වන්නේ.

මෙම උත්සවය සඳහා රාජිත සේනාරාත්න අමාත්‍යවයා සහභාගීවන බව සැලවූ මීගමුව ප්‍රදේශවාසීන් අමාත්‍යවරයා පිටව යන මොහොතේ දැඩි විරෝධතාවක් එල්ල කලා. 

පසුව අමාත්‍යවරයා රෝහලේ වෙනත් ගේට්ටුවකින් පිටව ගිය අතර අමාත්‍යවරයාගේ සෙසු වාහන විරෝධතාකරුවන් සිටි ස්ථානයෙන් පිටව යද්දී ජනතාවගෙන් විරෝධය එල්ල වුණා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu