gossiplanka alexa මාකදුරේ මඳූෂ් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයින් 8ක් නිදහස් - 31ක් උසාවි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාකදුරේ මඳූෂ් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයින් 8ක් නිදහස් - 31ක් උසාවි

පාතාල නායක මාකදුරේ මඳූෂ් සමඟ අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් 8 දෙනෙකු මේ වන විට මුදාහැර තිබෙන අතර මෙලෙස මුදාහැර තිබෙන්නේ අත්අඩංගුවෙන් අනතුරුව සිදු කරන ලද රුධිර සාම්පල පරීක්ෂාවේදී ඔවුන්ගේ ශරීරයේ මත්ද්‍රව්‍ය අඩංගු වී නොමැති නිසාවෙනි.

කෙසේ නමුත් මදූෂ් සමග සිටි තවත් පුද්ගලයින් 31දෙනෙකුගේ රුධිර සාම්පලවල කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු වී ඇති බව රුධිර සාම්පල පරීක්ෂාවේදී අනාවරණ වී තිබෙන අතර ඒ අනුව එම පිරිස පෙබරවාරි 10 වන දින ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව බවයි වාර්තා වන්නේ.

මේ අතර මඳූෂ් සමග ඩුබායිහිදි අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පස්දෙනෙකුගේ ලංකාවේ තිබෙන නිවාස පොලීසිය මගින් පරීක්ෂාවට ලක් කර තිබෙන අතර එහිදී එක් සැකකරුවෙකු වන අවිශ්ක කවිශාන් නොහොත් ‘‘ජංගා’’ නමැත්තාගේ ගන්දර පිහිටි නිවසේ තිබී ටී 56 උණ්ඩ 26ක්, හිස් උණ්ඩ කොපු 30ක් සහ යුද හමුදා නිල ඇඳුම් 18ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu