gossiplanka alexa තායිලන්ත ගුහාවේ සිරවූ දරුවන් ගැන වැඩියෙන්ම සෙවූ රටවල් අතරින් දෙවනි තැන ලංකාවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තායිලන්ත ගුහාවේ සිරවූ දරුවන් ගැන වැඩියෙන්ම සෙවූ රටවල් අතරින් දෙවනි තැන ලංකාවට


දින 03ක දැවැන්ත මෙහෙයමුකින් පසුව පුරා දින 18ක කාලයක් තායිලන්තයේ  Tham Luang ගුහාවේ සිරවී සිටි පාපන්දු කණ්ඩායමේ ළමුන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරුව බේරාගන්න ඊයේ (10දා) හැකිවුණා. ඔවුන්ව කිසිදු  කරදරයක් නොමැතිව බේරගත්තා කියලා ආරංචි වුණ ගමන් තායිලන්තය පමණක් නෙමෙයි ලෝකවාසි බොහෝ දෙනා සතුටු වුණා වගේම  අමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් ගණනාවක රාජ්‍ය නායකයින් පවා මුදවා ගැනීමේ මෙහෙයුම සාර්ථක වීම සම්බන්ධයෙන් සුභ පැතුම් එක්කරමින් ට්ව්ටර් පණිවිඩ එක් කරලා තිබුණා.

අතිශයින් දුෂ්කර වූ මෙම මෙහෙයුම සඳහා සහය වීමට අමෙරිකාව, එංගලන්තය, ජපානය, චීනය, බ්‍රසීලය ඇතුළු විදෙස් රටවල් ගණනාවකින් කිමිදුම් විශේෂඥයින්ද සහයට පැමිණ සිටියා. කෙසේ වෙතත් ලෝකයේම අවධානය දිනා ගනිපු මේ සිද්ධිය ගැන ලංකාවේ මාධ්‍ය වල වගේම සමාජ ජාලා තුළත් බොහෝ දෙනා කතා බහ කරනවා දැකගන්න ලැබුණා. ඒකේ තරම කොච්චරද කිව්වොතින් මේ සිද්ධිය ගැන ( ThailandCaveRescue) පසුගිය පැය 24දි ගූගල් සෙවුමෙහි හොයලා තියන රටවල් අතුරින් ලෝකයෙන්ම දෙවන ස්ථානය ලැබිලා තියෙන්නේ ලංකාවට. පළමු ස්ථානය සිංගප්පූරුවට ලැබිලා තිබුණා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu