gossiplanka alexa ප්‍රභාකරන් වල් පරයා අපිට නම් මහත්තයෙක් නෙමෙයි - ගායන ශිල්පී උදය ශ්‍රී කට අරී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රභාකරන් වල් පරයා අපිට නම් මහත්තයෙක් නෙමෙයි - ගායන ශිල්පී උදය ශ්‍රී කට අරී


යුද්ධය අවසන්වෙ වෙලා වසර 09ක් ගත වෙද්දී ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ රණවිරුන්ව, ඔවුන් කරපු සේවය සමහරුන්ට පොඩි හරි මතකයක්වත් තියනවද කියලා ඔවුන් කරන ප්‍රකාශ හරහා පේන්න තියනවා කියලා බොහෝ දෙනා ප්‍රශ්ණ කරනවා. ගායන ශීල්පී ‘උදය ශ්‍රී‘ ත් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මේ ගැන සටහනක් යොදලා තිබුණා.

30 වසරක් පුරා ලංකාව විනාශයෙන් විනාශයට අරගෙන ගියපු ප්‍රභාකරන් ඇතුළු  LTTE ත්‍රස්තවාදීන්  පරාජය කරපු  සියලුම රණවිරුවන්ට කෘතඥපූර්වක  වෙනවා කියලයි ඔහු කියලා තිබුණේ. ප්‍රභාකරන් කියන්නේ අපට නම් මහත්තයෙකු නොවන බවත් ඔහු එහිදී සඳහන් කරලා තිබුණා.

30 වසරක් පුරා මගේ සුන්දර හෙළ දීපය විනාශය කරා රැගෙන ගිය (අපට නම් මහත්තයකු නොවන ) ඒ ප්‍රභාකරන් වල් පරයා ඇතුළු අධම LTTE ත්‍රස්තවාදීන් අන්ත පරාජය කළ අපේ සදාදරණීය සියලුම රණවිරුවන්ට මාගේ කෘතඥපූර්වක උත්තමාචාරය වේවා !!! ඒ සඳහා අභීත නායකත්වය දුන් සේනාධිනායකයාණන්, හිටපු ආරක්ෂක ලේකම්තුමා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සියළුම දේශප්‍රේමීන්ටත් මාගේ උත්තාචාරය වේවා !!! එවකට ඒ සඳහා මහත් උත්තේජනයක් සැපයූ "අපි වෙනුවෙන් අපි තේමා ගීතය" නිර්මාණයට සම්බන්ධ වූ සියලුම සංගීත ශිල්පීන්වත් ඉතාමත් ආදරයෙන් ආවර්ජනය කරමි !!!
WE SALUTE OUR HEROS *RESPECT*


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu