gossiplanka alexa ඉන්දියානු සුපිරි නළු සල්මාන් ඛාන්ට වසර පහක සිරදඩුවමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියානු සුපිරි නළු සල්මාන් ඛාන්ට වසර පහක සිරදඩුවමක්



ඉන්දියානු සුපිරි නළු 
සල්මාන් ඛාන්ට 
වසර පහක සිරදඩුවමක්

බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් වසර 20 පෙර දුර්ලභ ගණයේ කළු ගෝන්නු දෙදෙනෙක් දඩයම් කළ වරදට පස් වසරක සිර දඬුවමක් ඉන්දියානු අධිකරණයක් විසින් නියම කොට තිබේ. ඊට අමතරව ඔහුට ඉන්දියානු රුපියල් දසදහසක දඩයක් නියම කිරීමට ද 'ජෝද්පූර්' උසාවිය කටයුතු කර ඇති අතර  එම දඬුවම් නියම කිරීමෙන් පසු සල්මන් ඛාන්ව බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුණි.

1998 වර්ෂයේදී 'හම් සාත් සාත් හයින්' සිනමා පටය රූ ගත කිරීම් අතරතුර  'බ්ලැක්බක්ස් ' ලෙස හඳුන්වන සංරක්ෂිත කළු ගෝනුන් දෙදෙනෙකු මරා දමා ඇති බව ඔහුට එරෙහි චෝදනා මගින් කියැවුනි. එම අපරාධයට සම්බන්ධ යැයි සැක කළ සයිෆ් අලී ඛාන් සහ තවත් ජනප්‍රිය බොලිවුඩ් නළු නිළියන් එම චෝදනාවලින් නිදහස් කර තිබේ.

පනස් දෙහැවිදිරි වියේ පසුවන සල්මාන්ට අධිකරණ තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයකට අභියාචනාවක් ඉදිරිපත් කළ හැකිය. නමුත් ඔහුට දින කීපයක් බන්ධනාගාරයේ රැඳී සිටීමට සිදු වනු ඇතැයි වාර්තා වෙයි. වන සතුන් දඩයම් කිරීම සම්බන්ධයෙන් සල්මාන්ට එරෙහිව අධිකරණ ක්‍රියාවලිය ආරම්භ කර ඇත්තේ 'බ්ලැක්බක්ස්' ගෝන්නු වන්දනාමාන කරන 'බිෂ්නොයි' ප්‍රජාව විසිනි.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu