gossiplanka alexa මෝටර් රථය ගත්ත සතුටට යාළුවන්ට පාටියක් දෙන්න ගිය තරුණයාට අත් වූ අවාසනාවන්ත ඉරණම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෝටර් රථය ගත්ත සතුටට යාළුවන්ට පාටියක් දෙන්න ගිය තරුණයාට අත් වූ අවාසනාවන්ත ඉරණම



මෝටර් රථය ගත්ත සතුටට
යාළුවන්ට පාටියක් දෙන්න ගිය 
තරුණයාට
අත් වූ අවාසනාවන්ත ඉරණම

ලක‍්ෂපාන දියඇල්ල අසල සංචාරක නිකේතනයක උඩුමහලෙන් පහළට වැටි තරුණයෙකු මියයාමේ පුවතක්  වාර්තා වනවා. මෙසේ මියගොස් ඇත්තේ හැටන් විල්ප්‍ෆ්‍රඩ්පුර ප්‍රදේශයේ පදිංචි සම්බන්ධන් ප්‍රේම්කුමාර් නැමැති (26) හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු හැටන් ප්‍රදේශයේ පෞද්ගලික වානිජ බැංකුවක විධායක නිළධාරියෙකු වශයෙන් කටයුතු කර තිබුණා.

අලූතින් මෝටර් රථයක් මිළදි ගැනිම වෙනුවෙන් මියගිය තරුණයා පසුගිය (26) වනදා ඔහුගේ  මිතුරන් සමඟ සාදයක් පවත්මින් සිටියදි මෙම අනතුර සිදුවි තිබුණු අතර එදින රාත්‍රී 12.00 ට පමණ එම සංචාරක නිකේතනයේ උඩුමහලෙන් පහළ වැටි එම තරුණයා බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා. පසුව ඔහු ලක‍ෂපාන රෝහල වෙත ඇතුත් කිරිමෙන් අනතුරුව  වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබුණා. පසුව එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි අද (01දා) අලූයම මෙම තරුණයා මියගොස් තිබෙනවා.

හැටන් වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ දමයන්ති ප්‍රනාන්දු  විසින් මෙම මරණය සමිබන්ධයෙන් මහේස්ත්‍රාත් පරික‍ෂණය අද (01) පස්වරුවේ සිදුකළ අතර මියගිය තරුණයාගේ සිරුරේ පශ්චාත් මරණ පරික‍ෂණය මහනුවර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu