gossiplanka alexa පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට ගිය නිරූපිකාවක් ගැන පලවන වාර්තාවලට ජනාධිපති මාධ්‍ය අංශය පිළිතුරු දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට ගිය නිරූපිකාවක් ගැන පලවන වාර්තාවලට ජනාධිපති මාධ්‍ය අංශය පිළිතුරු දෙයි



පොදුරාජ්‍ය මණ්ඩල 
සමුළුවට ගිය නිරූපිකාවක්
ගැන පලවන වාර්තාවලට 
ජනාධිපති මාධ්‍ය අංශය පිළිතුරු දෙයි

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා ජනාධිපතිවරයා සමග ගිය දූත පිරිස පිළිබඳව සමාජයේ යම් කතාබහක් මතුව තිබෙන අතරම එහිදී ජනාධිපතිතුමන් සමග 122 ක කණ්ඩායමක් ලන්ඩනය බලා පිටත් වූ බවත් සමාජ මාධ්‍යන්හි වාර්තා කලා. කෙසේ වෙතත් නිරූපිකාවක් හා සහය නිළියක් වන ගිහානි වීරසිංහ නමැති කාන්තාවක් ප්‍රභූවරුන් සමග සිට ගත් ඡායාරූප ගැනද විවිධ පුවත් වාර්තා වුණා. නමුත් මේ සියළු කාරණා ගැන පැහැදිලි කිරීමක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ රැස්වීමක් අතරතුර එම ඡායාරූප ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ.මේ අතර මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ මෙවැන්නක්.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපතිතුමා සමග සහභාගී වූ නිල දූත පිරිස පිළිබඳව විවිධ අසත්‍ය තොරතුරු වාර්තා වෙමින් පවතී. මෙම සමුළුව වෙනුවෙන් ජනාධිපතිතුමා සමග නිල දූත පිරිසට එක්වූයේ ජනාධිපති බිරිඳ, ජනාධිපතිතුමාගේ නිල වෛද්‍යවරයා, අමාත්‍ය තිලක් මාරපන මහතා සහ ඔහුගේ බිරිඳ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, භාෂා පරිවර්තක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු පමණි.

තවද නිල දූත පිරිසට අයත් නොවූවත් ජනාධිපති මාධ්‍ය අංශයේ විද්‍යුත් හා මුද්‍රිත වාර්තාකරුවන් සහ රජයේ හා පෞද්ගලික මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ද ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් කිහිපදෙනෙක් ද මීට එක්ව සිටිති. ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට හෝ ඊට සමගාමීව පැවති වෙනත් කිසිදු හමුවකට ජනාධිපති කාර්යාලයේ වියදමින් කිසිදු පුද්ගලයෙක් සහභාගී වී නොමැත.

මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් සහභාගී වී ඇත්තේ ආර්ථික සමුළුවට බව ද දන්වා සිටින අතර එම ආර්ථික සමුළුව නියෝජනය කළ කිසිදු පාර්ශ්වයකට ජනාධිපති කාර්යාලය වියදම් දරා නැත. එබැවින් ඇතැම් මාධ්‍යවල සියයකට අධික දූත පිරිසක් සහභාගී වන බවට පළවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කර සිටිමු.

අදාළ ඡායාරූප පහතින්


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu