gossiplanka alexa සාකච්ඡාවකින් අනතුරුව අම්පාර සාමකාමී වෙයි.. Army, STF ආරක්ෂාව තව දුරටත්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සාකච්ඡාවකින් අනතුරුව අම්පාර සාමකාමී වෙයි.. Army, STF ආරක්ෂාව තව දුරටත්


සාකච්ඡාවකින් අනතුරුව අම්පාර සාමකාමී වෙයි, 
Army, S.T.F ආරක්ෂාව තව දුරටත්

අම්පාර නගරයේ ආපන ශාලාවකින් ආහාර ලබා ගැනීමට ගිය පිරිසකට එම ආහාර වල තිබී පෙති විශේෂයක් හමුවීමත් සමඟ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මේ වන විට විශාල කතාබහක් ඇතිව තිබෙනවා. අම්පාර පන්සල් හන්දිය අසල පවත්වාගෙන ගිය ආපනශාලාවකදී  මෙම ගැටුම්කාරී තත්වය හටගෙන තිබූ අතර එහිදී  උරණ වූ පිරිස වෙළඳසැල් කිහිපයකට සහ දේවාස්ථානයකටද හානි කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ගැටුම්කාරී තත්වය පාලනයකර ගර ගැනීමට නොහැකි වීම නිසා අමතර පොලිස් බළඇණි සහ පොලිස් විශේෂ කාර්‍ය බලකායද ගෙන්වීමට සිදුව තිබෙන අතර  මෙම සිද්ධිය සැළවූ වහාම නැගෙනහිර පළාත භාර ජේ්‍ය්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර, ශ්‍රී ලංකා යුධ අමුදාවේ 24 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ, අම්පාර දිසාපති තුසිත වනිගසිංහ ඇතුළු පිරිසකගේද මැදිහත්වීම මත තත්වය පාළනය කර තිබෙනවා.

පවතින තත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මහා සංඝරත්නය,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආරක්ෂක නිළධාරීන් අතර සාකච්ඡාවක්ද පවත්වා ඇති අතර එහිදී මින් ඉදිරියට එවැනි තත්වයක් ඇති නොවීමට සියළු පාර්ෂව එකඟතාවය පළ කර තිබෙන බවද වාර්තා වනවා.

අදාළ ආපන ශාලාවෙන් ලබා දුන් අහාර මේ වන විට රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර ඇති අතර මෙම සිද්ධියට අදාලව කලහකාරී ලෙස හැසිරුනු පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව නැගෙනහිර පළාත භාර ජේ්‍ය්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර ප්‍රකාශ කර තිබුණු අතර තත්වය යහපත් අතට පත්වන තුරු අවශ්‍ය සෑම ස්ථානයකම ආරක්ෂාව සැලසීමටද තීරණය කර තිබෙනවා.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu