gossiplanka alexa නෙළුම් කුලුනේ ආකෘතියකින් හැඩවූ, සංගක්කාරට ලැබුණු ලක්ෂ 38 ක රස තෑග්ග

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නෙළුම් කුලුනේ ආකෘතියකින් හැඩවූ, සංගක්කාරට ලැබුණු ලක්ෂ 38 ක රස තෑග්ග



නෙළුම් කුලුනේ ආකෘතියකින් හැඩවූ, සංගක්කාරට ලැබුණු 
ලක්ෂ 38 ක රස තෑග්ග

නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ විධායක සුපවේදී විරාජ් ජයරත්න අවුරුදු 25 ක තම සූපවේදී ජීවිතයේ තවත් පියවරක් ඉදිරියට තබමින් රුපියල් ලකෂ 38 ක වියදමකින් යුතු අතුරුපසක් නිර්මාණය කර ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට පිළිගන්වා තිබුණා. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් මෙය සිදුකර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ කාර්ය මණ්ඩලය සමඟ එක්ව නිර්මාණය කල මෙම අතුරුපස පිළියෙල කිරීම සඳහා විදෙස් රටවල් වලින්ද අමුද්‍රව්‍ය ආනයනය කර ඇති බව සඳහන් වන අතර මෙම අතුරුපස සමඟ නිර්මාණය කල නෙළුම් කුලුණේ ආකෘතියක් මත වටිනා මැණික් ගලක් තැන්පත් කොට මෙය ඉතා අලංකාර ලෙස නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

"Marry Me" නමින් හඳුන්වන ලක්ෂ 38 ක් වටිනා මෙම අතුරුපස පිළිගැන්වීම සඳහා සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග ඇතුළු අමුත්තන් පිරිසක් මෙන්ම කුමාර් සංගක්කාර ගේ බිරිඳ යහේළිද එක්ව සිටියා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu