gossiplanka alexa ලසිත් මාලිංග විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලසිත් මාලිංග විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි


ලසිත් මාලිංග විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට 
සමුදෙයි

2020 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

ඊට පෙර සිය අවසන් එක්දින තරගාවලිය ලෙස වසර 2019 එංගලන්තයේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම මාලිංගගේ බලාපොරොත්තුව බවයි වාර්තා වන්නේ.කෙසේ නමුත්  බංග්ලාදේශය සඳහා නම් කළ සංචිතයට මාලිංගගේ නම ඇතුළත් නොවීම හේතුවෙන් ඔහුගේ එම බලාපොරොත්තුව ඉටුවීම අවිනිශ්චිත තත්ත්වයක පවතී.

ඉදිරියේ පැවැත්වෙන බංග්ලාදේශ සංචාරයට නම් කෙරෙන එක්දින සංචිතයට ඇතුළත් නොවීම පිලිබඳ ලසිත් මාලිංග අදහස් දක්වමින් කියා සිටියේ තමන්ව කුමන හේතුවක් මත විවේක ගැන්වුවද යන්න නොදන්නා බවය.

'අවුරුදු 25-26ක ක්‍රීඩකයෙක් විවේක ගැන්වුවාට කමක් නෑ ඒත් මගේ වයස් එක්ක බැලුවම මාව විවේක ගන්වා වැඩක් නෑ. මොකද ඔවුන්ට තව ඉස්සරහට ගොඩක් තරඟ තියෙනවා.
ඒත් මට සෙල්ලම් කරන්න තියෙන්නේ තව වසර දෙක තුනක් නිසා අපිව විවේක ගැන්වුවොත් අපිට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ නැහැ.'

‘ආබාධයට ලක්වීමෙන් පසුව මම තරග 13ක් ක්‍රීඩා කරල දවා ගත්තේ කඩුලු 10ක් පමණයි. ඒ තමයි මම කඩුලු දවා නොගත් අවස්ථාව. ඒත් ඒ තරගවලදී මගේ පන්දුවලට පිතිකරුවන් ලබාදුන් උඩ පන්දු 12ක් අත්හැරියා. අවසානයේදී පිතිකරුවා උඩ පන්දු ලබාදෙන විදිහට පන්දු යැවූ ක්‍රීඩකයාව ඉවත් කරනවා.'

වැඩිදුරත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් සහභාගිකර ගන්නා ඕනෑම අවස්ථාවක කණ්ඩායම වෙනුවෙන් උපරිම දස්කම් දැක්විමට සුදානමින් සිටින බවයි.

34 හැවිරිදි ලසිත් මාලිංග මේ වනවිට එක්දින ජාත්‍යන්තර තරග 204කට ක්‍රීඩා කර කඩුලු 301ක් දවාගෙන ඇති අතර විස්සයි විස්ස තරග 68දී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 90කි.


පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් 2010 වසරේ ටෙස්ට් පිටියට සමුදුන් මාලිංග ඒ වනවිට ටෙස්ට් තරග 30කදී බිඳ දැමූ කඩුලු 101කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu