gossiplanka alexa ඉතිහාසයේ පළමු වරට ලෝක පාපන්දු ශුරතා තරඟාවලියේ කුසලානය ලංකාවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉතිහාසයේ පළමු වරට ලෝක පාපන්දු ශුරතා තරඟාවලියේ කුසලානය ලංකාවට


ඉතිහාසයේ පළමු වරට ලෝක
පාපන්දු ශුරතා තරඟාවලියේ
කුසලානය ලංකාවට
(Photos)

2018 ලෝක පාපන්දු ශුරතා තරඟාවලිය ලබන ජූනි මාසයේදී රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන අතර එහි කුසලානය පසුගියදා ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූවා. එය ඊයේ (24) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්විණි.

මහජන ප්‍රදර්ශනය සඳහා රැගෙන යන චාරිකාවේදී ලොව පුරා මහද්වීප 6ක් ඔස්සේ රටවල් 54ක් අතරින් ප්‍රථම ගමනාන්තය ලෙස
ශ්‍රී ලංකාවට මෙම කුසලානය රැගෙන ඒමද විශේෂත්වයක්. මෙලෙස පාපන්දු ලෝක ශුරතාවයක කුසලානයක් ශ්‍රී ලංකාවට රැගෙන ආවේ ඉතිහාසයේ පළමු වරට වීම ද තවත් විශේෂ කරුණකි.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පවසන පරිදි ශ්‍රී ලංකාවට අමතරව මෙම කුසලානය ආසියාව තුළ රැගෙන යාමට නියමිතව ඇත්තේ පකිස්ථානයට සහ මාලදිවයිනට පමණයි.

ඒ අනුව ශ්‍රී ලාංකික පාපන්දු ක්‍රිඩාලෝලීන්ට එළඹෙන 2018 ලෝක පාපන්දු ශුරතා තරඟාවලියේ කුසලානය සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව උදාකරමින් මෙම කුසලානය ඊයේ දිනයේදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මහජන ප්‍රදර්ශනය සඳහා වීවෘත කර තිබුණි.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu