gossiplanka alexa වසර 37කට හිරේ ගියපු පෙම්වතාව බන්ධනාගාරයටම ඇවිත් විවාහ කරගත් අපූරු පෙම්වතිය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වසර 37කට හිරේ ගියපු පෙම්වතාව බන්ධනාගාරයටම ඇවිත් විවාහ කරගත් අපූරු පෙම්වතිය



වසර 37කට හිරේ 
ගියපු පෙම්වතාව
බන්ධනාගාරයටම ඇවිත්
විවාහ කරගත් අපූරු පෙම්වතිය

වැලිකඩ මැගසින් බන්ධනාගාරයේදී ඊයේ (7දා) ඉතා අපූරු සිදුවීමක් වුණා.ඒ වසර 37ක් සිරදඬුවමක් විඳිමින් සිටින 39 හැවිරිදි සෙනරත් බන්දුල ලියනාරච්චි නැමැත්තා චමිලා නමැති තරුණියක සමග යුග දිවියට එළඹීමයි. විවාහයෙන් පසු බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල මංගල සභාවක්ද පැවැත්වුණු අතර, මොවුන් දෙදෙනාගේ විවාහය ඊයේ මැගසින් බන්ධනාගාරයේදී සිදුවූණා.

විවාහ දිවියට පිවිසි චමිලා, බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ක්‍රියාකාරී සාමාජිකාවක්ද වන අතර මෙය බන්ධනාගාර ඉතිහාසයේ විශේෂ සිදුවීමක්ද වුණා.

සිය පෙම්වතාගේ අයිතීන් වෙනුවෙන් ඇය සටන් කළ බවත්,වසර 03ක සටනකින් පසුව සිය පෙම්වතා මෙසේ බන්ධනාගාරයේ දී විවාහ කර ගැනීමට හැකි වූ බවත් චමිලා මෙහිදී ප්‍රකාශ කළ අතර එක්තරා බන්ධනාගාර ප්‍රධානියෙකු තමන්ට මේ ගැන කතා කිරීමට නීතිමය අයිතියක් නැතැයි කී බවත්, විවාහ සහතිකය පෙන්වන ලෙස කී බවත් පැවසූ ඇය තම පෙම්වතා වන රැඳවියා විටෙක කුරුවිට බන්ධනාගරයටත්, තවත් විටෙක අනුරාධපුර බන්ධනාගරයටත් මාරු කළ බවද ඇය වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ නමුත් මංගල සභාවේදී අදහස් දැක්වූ එම්. ශක්තිවේල් පියතුමා සඳහන් කලේ මෙය එළඹෙන නත්තල් සමයේ එහි සැබෑ අරුත වන ප්‍රේමය කදිමට විදහා දැක්වූ අවස්ථාවක් ලෙසය. විවාහයෙන් පසු සැමියා යළි බන්ධනාගරයටත්, බිරිඳ නිවසටත් පිටත්ව ගියා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu