gossiplanka alexa ජෝතිපාලගේ ගී අනවසරයෙන් ගායනා කිරීම නිසා නලීන් පෙරේරාට නඩුවක් - වන්දිය කෝටියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජෝතිපාලගේ ගී අනවසරයෙන් ගායනා කිරීම නිසා නලීන් පෙරේරාට නඩුවක් - වන්දිය කෝටියක්


ජෝතිපාලගේ ගී අනවසරයෙන් ගායනා කිරීම නිසා නලීන් පෙරේරාට නඩුවක්
වන්දිය කෝටියක්

පසුගියදා මේරියන්ස් සංගීත කණ්ඩායම විසින් පැවැත්වූ Kings of 70's unplug සංගීත ප්‍රසංගයේදී එහි  නායක නලින් පෙරේරා විසින් එච්.ආර්. ජෝතිපාල ගායකයාණන් ගීත කිහිපයක් අනවසරයෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් ජෝතිපාල මහතාගේ බිරිඳ වන බ්ලෝසම් ජෝතිපාල මහත්මිය සහ ඇයගේ දරුවන් සිවුදෙනා, නලින් පෙරේරාට එරෙහිව නඩු පැවරූ අතර
එය පසුගිය සතියේ කොළඹ වාණිජ මහාධිකරණයේදී විභාග විය.

මෙම අඹුදරුවන් පසුගිය කාලයේ ප්‍රසිද්ධ මාධ්‍ය තුළ පෙනී නොසිටි අය වන නමුත් ජෝතිපාල මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙවර පෙනී සිට තිබෙනවා. ජෝතිපාල මහතා ගීත 10,000 කට අධික සංඛ්‍යාවක් ගයා ඇති බවත් ගීත ඇල්බම සියයකට අධික සංඛ්‍යාවක් නිකුත් කර ඇති බවත් නඩුවේදී ඔවුන් පෙන්වාදුන් අතර මෙම සිය ගීතවල හිමිකම් පෙත්සම්කරුවන් සතු බවද දන්වා සිටියා.

එච්.ආර්. ජෝතිපාල මහත්හගේ ගීත අනවසරයෙන් ගායනය කරන ලද වගඋත්තරකාර නලින් පෙරේරා මහතාගෙන් රුපියල් කෝටියක් ඉල්ලා දෙන ලෙස ඔවුන් උසාවියෙන් ඉල්ලා ඇති අතර මේ අනුව නලින් පෙරේරා මහතාට ලබන ජනවාරි 10 දින පෙනී සිටින්නට කොළඹ වාණිජ මහාධිකරණය විසින් නොතිසී නිකුත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu