gossiplanka alexa අයියා වෙනුවට විභාගයට ගිය මල්ලීට වැඩ වරදී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අයියා වෙනුවට විභාගයට ගිය මල්ලීට වැඩ වරදී



මේ දිනවල පාසල්වලට ක්‍රීඩා පුහුණුකරුවන් බඳවාගැනීම සඳහා පැවැත්වෙන ප්‍රායෝගික පරීක්‍ෂණයකට සිය වැඩිමහල් සහෝදරයා වෙනුවට පෙනී සිටි බාල සහෝදරයකු පසුගිය සිකුරාදා (10දා) පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ප්‍රායෝගික පරීක්‍ෂණ පැවැත්වෙන්නේ පනාගොඩ යුද හමුදා කඳවුරේදීය. මෙම වංචාව සිදුවී ඇත්තේ අම්පාර දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන අයදුම්කරුවන් සඳහා පැවති ප්‍රායෝගික පරීක්‍ෂණයේදීය. අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට සැක සිතී සිය වැඩිමහල් සහෝදරයා වෙනුවෙන් ප්‍රායෝගික පරීක්‍ෂණයට පෙනී සිටි බාල සහෝදරයාගෙන් නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර ඒ අනුවය වංචාව අනාවරණය වී ඇත. පසුව නිලධාරීන් සිද්ධිය පිළිබඳ හෝමාගම පොලිසියට දැනුම්දී ඇති අතර අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව ජාතික හැඳුනුම්පත් දෙකක්‌ ද තිබී ඇත.

මේ දිනවල පැවැත්වෙන්නේ දෙවැනි අදියරේ ප්‍රායෝගික පරීක්‍ෂණය වන අත‍ර මෙයින් පාසල් සඳහා ක්‍රීඩා පුහුණුකරුවෝ 3800 දෙනකු බඳවාගැනීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu