gossiplanka alexa අද දිනයේ කාලගුණය අයහපත් - නායයෑමේ පූර්ව ලක්ෂණ දුටුවොත් වහාම ඉවත් වෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අද දිනයේ කාලගුණය අයහපත් - නායයෑමේ පූර්ව ලක්ෂණ දුටුවොත් වහාම ඉවත් වෙන්න

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාවක් අපේක්ෂා කරන බවත් රට වටා මුහුදු ප‍්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80ක් පමණ දක්වා ද වැඩිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ හේතුවෙන් මුහුද ඉතා රළු විය හැකි අතර ධීවර සහ නාවික ප‍්‍රජාව ඒ පිළිබඳ වඩා විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවධාරණය කරනවා.

රටවටා ගොඩබිම් ප‍්‍රදේශවල සහ මුහුදු ප‍්‍රදේශවල ද අද (29) තද වැසි සහ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.

තවද මාතලේ සහ මහනුවර යන දිස්ත‍්‍රික්කවල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයාමේ, බෑවුම් කඩාවැටීමේ, ගල් පෙරලීමේ සහ පොළොව ගිලාබැසීමේ අවදානම් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන අතර මාතලේ දිස්ත‍්‍රික්කයේ ලග්ගල - පල්ලේගම සහ ඇල්කඩුව යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් මහනුවර දිස්ත‍්‍රික්කයේ මැදදුම්බර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් මෙම අනතුරු ඇඟවීම අදාළ වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එම නිසා නායයාමක පූර්ව ලක්ෂණ හඳුනා ගතහොත් එම ප්‍රදේශ වලින් වහාම ඉවත් වන ලෙස එම ප‍්‍රාදේශීය කොට්ඨාශවල වැසියන්ගෙන් ඉල්ලීමක් ද කෙරෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu