gossiplanka alexa මහියංගනයේ කැලෑවක් මැද අතරමංව සිටි මහළු මවට පිහිට වුණු උතුම් පොලිස් නිළධාරියා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහියංගනයේ කැලෑවක් මැද අතරමංව සිටි මහළු මවට පිහිට වුණු උතුම් පොලිස් නිළධාරියා


මහියංගනයේ කැලෑවක් මැද 
අතරමංව සිටි මහළු මවට 
පිහිට වුණු උතුම් පොලිස් නිළධාරියා

රාජකාරී නිමකර නිවස බලා එමින් සිටි පොලිස් නිළධාරියෙකු බදුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගයේ 19 වැනි කිලෝමීටර් කණුවට නුුදුරින් පිහිටි මහ වන ලැහැබක අතරමංව සිටි වයෝවෘද්ධ මවක් දැක ප්‍රධාන මාර්ගයට උසුලාගෙන පැමිණ ඇයට ආහාර පාන ලබාදීමට කටයුතු කර තිබෙන අතර තවද මෙම සත්ක්‍රියාව සිදු කිරීමට
ප්‍රදේශවාසීන්ගේද සහය නොමදව ලැබී තිබෙනවා.

මෙම කාන්තාව මෙලෙස වනයේ අතරමංවීමට හේතුවත් සොයා ගෙන නැතත් ඇය පවසන්නේ පසුගියදා ඇය මාර්ගයේ ගමන් කරමින් සිටියදී කිසියම් පිරිසක් විසින් තමන්ව කැළයට ඇද දැමූ බවය. මෙම මහළු කාන්තාව රැය පහන් වන තුරු වැස්සට තෙමෙමින් අධික කුසගින්නේ සිට ඇති අතර ආහාර පාන ලබා දුන් පොලිස් නිළධාරියාට සහ ගම්වාසීන්ට පිං දෙමින් ඇය එම ආහාර අනුභව කර තිබෙනවා.

ඇය යම්කිසි මානසික රෝගයකින් පෙළෙන බව ඇය හැසිරෙන ආකාරයෙන් හෙළිවන බවද එසේම ඇයගේ නම ගම හෝ වෙනත් අනන්‍යතාවයක් ප්‍රකාශ කිරීමට නොහැකි වූ බවද එම ස්ථානයේ සිටි පිරිස් ප්‍රකාශ කර ඇත. පසුව පොලිස් හදිසි ඇමතුම් අංශයට අමතා මෙම කාන්තාව ප්‍රථිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබුණා.








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu