gossiplanka alexa ණයබර උසුලා ගැනීමට නොහැකි බවට ලිපියක්‌ ලියා දිවි තොර කරගත් කෝටිපති ව්‍යාපාරිකයා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ණයබර උසුලා ගැනීමට නොහැකි බවට ලිපියක්‌ ලියා දිවි තොර කරගත් කෝටිපති ව්‍යාපාරිකයා


ණයබර උසුලා ගැනීමට නොහැකි බවට ලිපියක්‌ ලියා දිවි තොර කරගත් කෝටිපති ව්‍යාපාරිකයා
ඥතීන්ට මරණය සැක සහිතයි

පසුගිය 13 වනදා මාලබේ ප්‍රදේශයේ නිවසක්‌ තුළ විදුලි පංකා සවි කරන කොක්‌කක එල්ලී කෝටිපති ව්‍යාපාරිකයකු සිය දිවි හානි කරගෙන ඇති බවට වාර්තා වෙනවා.

මෙලෙස දිවි නසාගෙන ඇත්තේ හෙට්‌ටිඅප්පුහාමිලාගේ රංග සංජීව නමැති 38 හැවිරිදි එක්‌දරු පියෙකු වන අතර ණයබර උසුලා ගැනීමට නොහැකි බවට ලිපියක්‌ ලියා තබා දිවි තොර කරගෙන තිබේ.

මියගිය ව්‍යාපාරිකයා ළදරු නිෂ්පාදන භාණ්‌ඩ අලෙවි කරන වෙළෙඳ ආයතන ගණනාවක හිමිකරුවෙකු වන අතර අතුරුගිරිය කහංතොට පාරේ අළුබෝවත්තේ නිවසකට රුපියල් 75,000 ක්‌ ගෙවා මාස තුනකට කුලියට ගෙන එහි තනිව වාසය කරමින් සිට තිබෙනවා.

විවාහක බිරිඳ සහ දරුවා තලාහේන ප්‍රදේශයේ ජීවත් වී ඇත. තම සැමියා මියයන තුරුම මෙවැනි නිවසක්‌ කුලියට ලබාගෙන සිටි බව නොදැන සිටි බිරිඳ මෙම නිවසේ ජීවත් වූයේ කා සමඟ ද යන්න ගැටලු සහගත බව පොලිසියට පවසා තිබෙනවා.

ඔහු තනිව වාසය කරමින් සිටි එම නිවසේ කුලී දීමනා කාලය අවසන් වීම හේතුවෙන් නිවසේ හිමිකරු තම පවුලේ සාමාජිකයන් සමඟ පෙරේදා (13 දා) රාත්‍රියේ මෙම නිවසට පැමිණ දොරගුළු විවෘත කර බලන විට එක්‌ කාමරයක විදුලි පංකාව ගලවා බිම තබා එම ආධාරකයේ ලණුවක්‌ ගැටගසා මෙම පුද්ගලයා එල්ලී මියගොස්‌ සිටිනවා දැක ඇත.

පසුව නිවසේ හිමිකරු 119 ඔස්‌සේ අතුරුගිරිය පොලිසිය දැනුවත් කර තිබිණි. පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය සමඟ හදිසි මරණ පරීක්‍ෂක ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය එම ස්‌ථානයට ගිය අතර එහිදී මියගිය අයගේ ඥතීන් මෙම මරණය සැක සහිත බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ සඳහා වැඩිදුර පරීක්‍ෂා කිරීමට මහෙස්‌ත්‍රාත් අධිකරණය ඔස්‌සේ කරුණු වාර්තා කරන ලෙස හදිසි මරණ පරීක්‍ෂක ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පොලිසියට නියෝග කර ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu