gossiplanka alexa අම්බලන්තොටදී පොලීසිය හා ලොරි රථයක් අතර වෙඩි හුවමාරුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අම්බලන්තොටදී පොලීසිය හා ලොරි රථයක් අතර වෙඩි හුවමාරුවක්


අම්බලන්තොටදී පොලීසිය හා ලොරි රථයක් අතර වෙඩි හුවමාරුවක්
19 හැවරදී තරුණයෙක් ජීවිතක්‍ෂයට

අම්බලන්තොට ඊයේ අලූයම සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර සිටියා. ඒ කුරුණෑගල පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

ඊයේ කොග්ගල්ල ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා හිස් වැසුම් නොමැතිව යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනෙකු ගමන් කර තිබෙනවා. එසැණින්ම තවත් කුඩා ලොරි රථයක්ද පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා ගමන් කර තිබෙනවා.

එම අවස්ථාවේදී ලොරිය දෙසින් පොලිස් නිලධාරීන් දෙසට වෙඩි පහරවල් දෙකක් එල්ල වී ඇති අතර පසුව පොලිස් නිලධාරියෙකුද ලොරිය දෙසට වෙඩි තබා ඇත. එම ලොරි රථයයේ ගමන් කළ පුද්ගලයන් හා පොලීසිය අතර ඇති වූ වෙඩි හුවමාරුවෙන් තරුණයෙකු මියගොස් තිබුණා. එම තරුණයා කොග්ගල්ල ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි තරුණයෙක් බව සඳහන්.

පලාගිය ලොරි රථයේ ගමන් ගත් බව කියන රියදුරු සහ තවත් පුද්ගලයෙකු නීතිඥවරයෙකු මාර්ගයෙන් අම්බලන්තොට පොලීසියට භාර වීමෙන් අනතුරුව ලොරි රථයේ සොරකම් කරන ලද කෙසෙල් කැන් පටවා තිබූ බව ඔවුන් එහිදී ප්‍රකාශ කර තිබුණා.

පොලීසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවෙන් වෙඩි වැදී එක් අයෙකු මියගිය බවත්, මළ සිරුර සහ කෙසෙල් කැන් මහ මග දමා පලාගිය බවත්, ඔවුන් එහිදී පාපොච්චාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu