gossiplanka alexa ගාල්ල පොලිස් වසමේ ස්ථාන කිහිපයකට ඇඳිරි නීතිය පනවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගාල්ල පොලිස් වසමේ ස්ථාන කිහිපයකට ඇඳිරි නීතිය පනවයි

ගාල්ල පොලිස් වසමේ ස්ථාන කිහිපයකට
ඇඳිරි නීතිය පනවයි

දෙපිරිසක් අතර සිදු වු ගැටුමක් හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ සිදු වු ගැටුමක් හේතුවෙන් මෙම ඇදිරි නීතිය පනවා ඇති බවයි.

ඒ අනුව වැලිපිටිමෝදර, මහ හපුගල, උක්වත්ත,ගිංතොට (නැගෙනහිර හා බටහිර), පියදිගම සහ කුරුඳුවත්ත ග්‍රාමසේවා වසම් වලට අද (18දා) පෙරවරු 9.00 දක්වා මෙම ඇඳිරිනීතිය බලපැවැත්වෙනු ඇති.

පොලිසිය සඳහන් කළ පරිදි ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (17දා) රාත්‍රී කාලයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇති අතර පහරදීමට පැමිණි ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටි බවටද වාර්තා වෙනවා.

ගිංතොට ප්‍රදේශයේ වෙඩි ශබ්ද ඇසුණු බවත් සදහන් වන අතර ඇති වී තිබෙන තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා පොලිස්පතිතුමාගේ  නියෝග මත පොලිස් නිළදාරීන් 200කට අධික ප්‍රමාණයක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළදාරීන් 100කට අධික ප්‍රමාණයක් එම ප්‍රදේශයේ රාජකාරි සදහා යොදවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කල පරිදි අවශ්‍ය වුවහොත් සාධාරණ බලය ක්‍රියාත්මක කරන්නැයි ද ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පිරිස්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උපදෙස් ලබාදුන් බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.


අනවශ්‍ය ලෙස කලබල ඇති නොකරන්නැයි අසත්‍ය ප්‍රචාරවල හසු නොවන්නැයි ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවත් සහ අසත්‍ය පුවත් ප්‍රචාරය කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ද ගුණසේකර මහතා තවදුරටත් සඳහන් කළා.

පසුගිය බ්‍රහස්පතින්දා (16දා) රාත්‍රීයේ ඇතිවූ ගැටුමකින් පසු ප්‍රධාන මාර්ගයේ පොලිස් ආරක්ෂාව යොදවා තිබුණ ද කඩු හා පොලු මුගුරු රැගත් පිරිස් අතුරුමාර්ග ඔස්සේ ගමන් කරමින් නිවාස රැසකට පහරදුන් බවයි ගැමියන් චොදනා කරන්නේ.


පොලිසිය පවසන්නේ තවදුරටත් ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කරමින් පවතින බවයි. මින් සුළු වේලාවකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ අමතර බල ඇණියක්ද ගිංතොට ප්‍රදේශයට කැඳවූ බව ද වාර්තා වෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu