gossiplanka alexa ඇතුළත මාළිගාවක රූපයක් තිබෙන කහ පළිගු මැණිකක් කපුමුල්ල ප්‍රදේශයෙන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇතුළත මාළිගාවක රූපයක් තිබෙන කහ පළිගු මැණිකක් කපුමුල්ල ප්‍රදේශයෙන්


ඇතුළත මාළිගාවක රූපයක් තිබෙන කහ පළිගු මැණිකක් කපුමුල්ල ප්‍රදේශයෙන්
හාස්කම් සහිත මිල කළ නොහැකි මැණිකක්

කපුමුල්ල රිල්ලබ ප්‍රදේශයේ පුද්ගලයෙකු සතුව හාස්කම් සහිත මිලකළ නොහැකි, කිලෝ 15ක් බර කහ පළිගු මැණිකක් තිබෙන බවට වාර්තා වෙනවා. මෙම මැණික ඇතුලත මාළිගාවකට සමාන රූපයක් හා මාළිගාවට යන පාර මෙන්ම ජල පොකුණක දර්ශනයක්ද දිස්වන බව මෙම මැණිකෙහි හිමිකරු පවසනවා.

වසර 15කට පමණ පෙර රත්නපුර ප්‍රදේශ‍යෙන් මෙම මැණික් ගල හමු වී තිබෙන අතර
තමන්ට මෙම මැණික් ගල ලැබුණු පසු තම ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වූ බවද ඔහු ප්‍රකාශ කරනවා.එදා පටන්ම තමන් විසින් මෙම මැණිකට පුදපූජා පවත්වමින් පණමෙන් ආරක්ෂා කරන බවද මැණිකෙහි හිමිකරු ප්‍රකාශ කර තිබුනා.

එසේම තමන් වසර 30ක පමණ කාලයක් තිස්සේ මැණික් ව්‍යාපාරයේ යෙදී සිටින බවත් එම කාලය පුරාවටම මෙවැනි රූප දර්ශණය වන කහ පළිගු මැණිකක් කිසිම දිනක දැක නැති බවත් ඔහු පවසනවා.ලංකාවේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකු වන යූ. කේ. ජී. උපසේන මහතාගේ බෑණනුවන් කෙනෙකු විසින් මෙම මැණික පරීක්ෂා කර බලා මෙය හාස්කම් සහිත මැණික් ගලක් බවත් එහි වටිනාකම මිළ කළ නොහැකි බවත් ප්‍රකාශ කර තිබෙනවා.

මැණික් විද්‍යාව අනුව මෙවැනි කහ පළිගු මැණිකක් නිර්මාණය වීම සඳහා වසර මිලියන 2ක් පමණ ගතවෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.කෙසේ නමුත් මෙම මැණික් ගල ජනපතිතුමා වෙත ඉදිරිපත් කර පසුව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් කරන බවයි මැණිකෙහි හිමිකරු පවසන්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu