gossiplanka alexa මඤ්ඤොක්කාවලින් වලින් ලන්ෂීට් හදන අලුත්ම තාක්ෂණයක් - ලංකාවේ අපේම කෙනෙක්ගෙන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මඤ්ඤොක්කාවලින් වලින් ලන්ෂීට් හදන අලුත්ම තාක්ෂණයක් - ලංකාවේ අපේම කෙනෙක්ගෙන්





මඤ්ඤොක්කා වලින් ලන්ෂීට් හදන අලුත්ම තාක්ෂණයක්
ලංකාවේ අපේම කෙනෙක්ගෙන්
මාස 06 කින් දිරනවා, පිළිකා කාරක නෑ 

අපේ රටේ පසුගිය කාලය පුරාම පැවති කුණු ප්‍රශ්නය, පරිසර දූෂණය වගේ ගොඩක් ආපදා වලට ප්‍රධාන හේතුවක් තමයි පොලිතින් වර්ග. මේ නිසා පොලිතින් භාවිතය අවම කිරීමට රජය නීති කිහිපයක් පැනවු අතර විශේෂයෙන්ම ලන්ච් ෂීට භාවිතය සඳහාද සීමා පැනවුවා. එම නිසා බොහෝ දෙනා ලන්ච් ෂීට් වලට විකල්ප ඉදිරිපත් කලද ඒවා භාවිතයේදී ප්‍රායෝගික ගැටළු මතුවුනා.

ඒ අතරින් පසු ගියදා මේ සඳහා ඉතා සාර්ථක විසඳුමක් ඉදිරිපත් කරන්නට සිවිල් ඉංජිනේරුවරයෙකු වන අමිල ප්‍රියන්ත මහතාට හැකි වුනා. මෙය බඩඉරිඟු,මඤ්ඤොක්කා වැනි ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන්න හැකි වන අතර මෙය භාවිතයෙන් පසු කොම්පෝස්ට් පොහොර බවටද පත් කරන්න පුළුවන්.

මෙම තාක්ෂණය ලෝකයේ බොහෝ රටවල අති සාර්ථකව භාවිතා කරන අතර මෙය ලංකාවට හඳුන්වා දෙමින් අමිල ප්‍රියන්ත මහතා මෙලෙස සඳහන් කලේය.

“පොලිතින් තහණම් කලාට තාම වෙළඳපොලේ තියෙන්නෙ පොලිතින් ලන්ච් ෂීට්, අපි නිෂ්පාදනය කරන මේ ලන්ච් ෂීට් එක මාස 06 කින් දිරනවා. මඤ්ඤොක්කා, බඩ ඉරිඟු වැනි ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරනවා වගේම මේ ලන්ච් ෂීට්වල පිළිකා කාරක නෑ.
අපිට රටටම ලන්ච් ෂීට් දෙන්න පුළුවන්, ඒ වගේම ඉදිරි‍යේදී ලන්ච් බොක්ස්,සිලිකවර වගේ දේවල් නිෂ්පාදනයටත් යොමු වෙන්න අපි සූදානම්. ඒ නිසා ගොවියටත් හොඳක් සිද්ද වෙනවා. ඒ වගේම අපේ ලඟට ඇවිත් අලෙවි නියෝජිත කම අරගෙන බෙදා හැරීමට සම්බන්ධ වෙන්නත් පුළුවන්.“
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu